lakbima.lk

ඥාණසාර හිමියෝ නිදහස ලබා අප්‍රසිද්ධියේම බන්ධනාගාරයෙන් පිටව යති

 

 

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ජනාධිපති සමාව ලැබ වැලිකඩ බන්ධනාගාරයෙන් අද පස්වරුවේ පිටව ගියහ. ආරක්ෂක අංශ උපදෙස් මත රැස්ව සිටි මාධ්‍යවේදීන් හෝ ජනතාව රැඳී සිටි ස්ථානය වෙත නොපැමිණ කෙට්ටාව රුක්මලේ පිහිටි විහාරස්ථානයට වැඩම කළ බවයි ස්වාමීන්වහන්සේ නමක් මාධ්‍ය වෙත පැවසුවේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ඇතුළු චෝදනා හතරකට වරදකරුවූ උන්වහන්නේ වසර 19ක බරපතල වැඩ සහිත සිර දඬුවමක්, වසර හයකින් ගෙවී යන ලෙස නියමව සිටියහ. 2018 අගෝස්තු 08දා සිට අද දක්වා උන්වහන්සේ එම සිර දඬුවම් විඳිමින් සිටියහ.

සංඝයාවහන්සේ, මාධ්‍යවේදීන් සහ විශාල ජනකායක් අද දහවල් සිට බන්ධනාගාරය අවටට රැස්ව සිටිනු දක්නට ලැබුණි. දැඩි ආරක්ෂක විධිවිධානද යොදා තිබුණි.

 

 චම්ලි ඒකනායක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.