lakbima.lk

ගෝඨාභයට ප්‍රතිකාර සඳහා සිංගප්පූරු යන්න අවසර

 

 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දී ප්‍රතිකාර ලබාගැනීම සඳහා හෙට (24) සිට ලබන මස 2 වනදා දක්වා සිංගප්පූරුවට යෑමට කරන ලද ඉල්ලීම සලකා බැලූ  පළමු විශේෂ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරන් ඊට අවසර  ලබා දුන්හ.

ගෝඨාභය රාජපක්ෂ මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම එම කාලය තුළදි තාවකාලිකව අත්හිටුවා ඇති බවට ආගමන විගමන පාලකවරයා ඇතුළු බලධාරීන්ට ෆැක්ස් මාර්ගයෙන් හා දුරකථන මාර්ගයෙන් දිනුම් දීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විශේෂ මහාධිකරණයේ රෙජිස්ටාර්වරයාට නියෝග කළේය.

මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයට අයත් රුපියල් තුන් කෝටි තිස්නවලක්ෂයක මුදලක් අවභාවිත කිරීම ඇතුළු අධිචෝදනා යටතේ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන මස 19 වනදා ආරම්භ කිරීමට පළමු විශේෂ පළමු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද තීරණය කළේ ය.

නඩුවේ දෙවන, තුන්වන, දසවන සහ දහසය වන පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට ද විනිසුරු මඩුල්ල එහිදී නියෝග කළේ ය.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.