lakbima.lk

ගුරු වර්ජනයක් තිබුණද හැටන් පාසල් සාමාන්‍ය පරිදි

ගුරු විදුහලපතිවරුන් අද(18) හා හෙට(19) යන දෙදින ලෙඩ නිවාඩු දමා සේවයට වාර්ථා නොකිරිමට පියවර ගෙන තිබුනද හැටන් අධ්‍යාපන කලාපයේ විදුහල්වල සියලු විදුහල්පතිවරුන් හා ගුරුවරුන් අද සේවයට වාර්ථා කර ඇති බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පි. ශ්‍රිධරන් මහතා පවසයි.

ඒ අනුව කරන ලද විමසිමම්වලදි හැටන් අධ්‍යාපන කලාපයේ විදුහල්වල අධ්‍යාපන කටයුතු සමන්‍ය පරිදි අද දින සිදු වුන බව විදුහල්පතිවරුන් කිප දෙනකුම පැවසීය.

මේ පිලිබදව කරන ලද විමසිමකදි වැඩි දුරටත් කරුනු දැක්වු හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පි. ශ්‍රිධරන් මහතා පවසන ලද්දේමේ වන විට හැටන් කලාපයේ විදුහල්වල වාර විභාග ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බවත් එමෙන්ම අගොස්තු මස පැවැත්වෙන උසස් පෙල හා ශිෂ්‍යත්ව විභාග සදහා කාලය පැමිණ ඇති බැවින් මෙම කලාපයේ විදුහල්පතිවරුන් ගුරුවරුන් ඒ සදහා සුදානම් වන බැවින් වර්ජන පසෙක දමා සේවයට වාර්ථා කර ඇති බවත්ය.

මෙම කලාපයේ දරුවන්ගේ අධ්‍යාපනය වැදගත් බැවින් තම විවිධ ඉල්ලිම්වලට වඩා මෙහි අහිංසක දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවිමට මෙහි විදුහල්පතිවරුන් ගුරුවරුන් දක්වන සහායෝගය අගය කරන බවද ශ්‍රිධරන් මහතා වැඩි දුරටත් පැවසීය.

සුදත් සෙල්ලහේවා  හැටන්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.