lakbima.lk

ගාල්ල බද්දේගම ප්‍රදේශයෙන් සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට

ගාල්ල බද්දේගම ප්‍රදේශයේ පසුගියදා සිදුකල මෙහෙයුමකින් සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බව බද්දේගම පොලිසිය පවසයි.

අන්‍යතාව තහවුරු කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සන්තකයේ තිබි කඩුවක් සහ ගංජා තොගයක් සිය භාරයට ගත් බව පොලිසිය සඳහන් කරයි.

මෙහෙයුම සඳහා යුධ හමුදාව, පොලිස් විශේෂකාර්ය බලකාය සහ පොලිසිය එක්ව සිටියහ. සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලිසිය වැඩිදු විමර්ශන සිදුකරයි.

හබරාදුව - අනුර ලියනගේ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.