lakbima.lk

ගලේවෙල අමානුෂික පුද්ගල ඝාතනයක්

ගලේවෙල-නගරයේ කලාවැව හන්දිය අසල බස් නැවතුමක රාත්‍රියේ නිදාගෙන සිටි වියපත් පුද්ගලයෙකු පොලු මුගුරුවලින් හා ගල්වලින් පහරදී අමානුෂික ලෙස ඝාතනය කර ඇත.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මාතලේ,කිවුල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි විය අයෙකි.මියගිය  අය ගලේවෙල නගරයේ කාලයක් තිස්සේ කුලී කම්කරුවෙකු ලෙස හා නගරයේ වෙළඳසල්වල කම්කරු වෘත්තියේ යෙදුනු අයෙකි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ගලේවෙල බම්බාව පදිංචි 52 හැවිරිදි ටි.එම.රතනපාල යන අය පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.මෙම අය  මධ්‍යම පළාත් මාර්ගස්ථ  මගී ප්‍රවාහන අධිකාරියේ වේලාසටහනකරුවෙකි.

 

සැකකරුද තුවාල සිදුවීමෙන් ගලේවෙල රෝහලට ඇතුලත් කර ඇත.

මෙම සිද්ධිය පිලිබදව පරීක්ෂණ සිදුකරන පොලිසිය සිද්ධියට අදාලව නගරයේ වෙළඳසල්වල සවිකර තිබු සිසිටිවී දර්ශන පරික්ෂ කිරීමේදී අද (26 )දින අලුයම  2.30 ට පමණ සැකකාර වෙලා සටහන්කරු මුගුරක් රැගෙන් විත් නිදාගෙන සිටින පුදගලයා පහරදී පලවා හරින අයුරු , ඔවුන් දෙදෙනා පොර බදන අයුරු හා පසුව කොන්ක්‍රීට් ගලකින් හිසට පහරදෙන අයුරු සටහන්ව තිබු බව පොලිසිය කියයි.මෙම ඝාතනය සිදුවන අයුරු පුදගලයින් දෙදෙනකු විසින් නරඹන අයුරුද සටහන් වී ඇත.

ගලේවෙල පොලිසිය පරීක්ෂණ සිදුකරයි.    

දඹුල්ල - අශෝක එරමිනිගම්මන

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.