lakbima.lk

විදේස් රටවල නිපදවු කඩු සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට


කඩු 4 සමග  ජමාද් සාමාජිකයන් යැයි සැක‍කරන පුද්ගලයන් දෙදෙනෙක් රාජ්‍ය බුද්ධි අංශ නිලධාරින්ට ලැබුන තොරතුරක් මත  එම අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

එම කඩු අතර   විදේශ රටවල නිපදවු ඒවාද වන අතර  වන අතර ඒ සමග කිනිසි දෙකක්ද හමුව ඇතැයි පොලිසිය පවසයි. සැකකරුවන්  බදුල්ල බදුලුපි‍ටියේ ප්‍රදේශයේ සහ බදුල්ල ජුම්මා  මුස්ලිම් පල්ලියට නුදුරින් හෝටලයක්  පවත්වාගෙන යන කාතන්කුඩි පදිංචි කරුවෙකු බවද පොලිසිය පවසයි.

බදුල්ල  පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතාගේ උපදෙස් මත බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහන වනිගසේකර මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුර විමර්ශන සිදුවෙයි.

බදුල්ල - සුලක්ෂ පියතිස්ස

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.