lakbima.lk

ඇප ලබාදුන් තඹ කම්හල් සේවකයින් අට දෙනා යළි කැඳවන්නැයි පොලිසියෙන් අධිකරණයට මෝසමක්

පාස්කු ඉරිදා බෝම්බ පිපිරීම් වලට සම්බන්ධ යැයි සැකපිට අත් අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින වැල්ලම්පිටිය තඹ කම්හලක සේවය කළ සේවකයින් 8 දෙනෙකුට  යළි මැයි මස 27 දා  අධිකරණයේ පෙනී සිටීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද නොතීසි නිකුත් කළේය.

ඉකුත් 6 දා සැකකරුවන් නම දෙනෙකු ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබුණද එක් සැකකරුවෙකු ඇප කොන්දේසි මෙතෙක් සම්පුර්ණ කර නොමැති වීම හේතුවෙන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී. ඒ අනුව අනෙකුත් සැකකරුවන් 8 දෙනා  සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා අධිකරණයට කැදවීම අවශ්‍ය බව වැල්ලම්පිටිය පොලිසිය මෝසමක් ගොනු කරමින් අධිකරණයට පවසා සිටියේය.


අදාල සැකකරුවන්ට එරෙහිව සාක්ෂි හෝ චෝදනා ඉදිරිපත් කිරීමට ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත හෝ වෙනත් පනතක් ඉදිරිපත් කිරීමට පොලිසිය අපොහොසත් විම හේතුවෙන් ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා මීට පෙර නියෝග කළේය.


කොළඹ ෂැංග‍්‍රිලා හෝටලය තුළ සිදු කල මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමට සම්බන්ධ වූ ඉන්සාන් ඊබ‍්‍රාහිම් ට අයත් තඹ කර්මාන්ත ශාලාවේ මෙම සැකකරුවන් සේවය කර ඇත.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.