lakbima.lk

අරක්කු සිගරට් බොන්න දිනකට කෝටි 97ක්

රුපියල් කෝටි 97 ක්, මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය සඳහා ශ්‍රී ලාංකිකයන් දිනකට වැය කරන බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) පවසයි. 
 
රුපියල් කෝටි 50 ක් අරක්කුවලටත් රුපියල් කෝටි 9 ක් බියර්වලටත් රුපියල් කෝටි 38 ක් දුම්වැටි සඳහාත් වශයෙන් මෙම මුදල් වැය කෙරෙන බවයි එම මධ්‍යස්ථානයෙන් නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ. සුරාබදු දෙපාර්තමේන්තුවේ හා ලංකා දුම්කොල සමාගමේ දත්ත වාර්තා ඇසුරින් මෙම ගණනය කර තිබේ.
 
මෙරට කාන්තාවන්ගෙන් දුම්වැටි භාවිත කරන්නේ 0.1% කටත් අඩු සංඛ්‍යාවක් යැයි ද මධ්‍යසාර භාවිත කරන කාන්තාවන් සංඛ්‍යාව 0.5%ට අඩු යැයි ද එහි වැඩිදුරටත් සඳහන් වේ.
 
මෙරට පිරිමින්ගෙන් 34.8% ක් මධ්‍යසාර භාවිත කරද්දී 29.4% ක් දුම් පානය කරන බව ද මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය නිකුත්කළ වාර්තාවෙන් පිළිබිඹු වේ. 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.