lakbima.lk

අමු මිරිස් ගණන් උස්සයි

හැටන් ප්‍රදේශයේ මේ වන විට අමු මිරිස් මිල ඉහල යාමත් සමග ප්‍රදේශයේ පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව එම  පිරිස් පවසති.

මේ වන විට හැටන් ප්‍රදේශයේ අමු මිරිස් ක්‍රිලෝවක මිල රුපියල් හත් සියයත් අට සියයත් අතර මිලකට අලෙවි වන අතර මෙයට අමතරව වට්ටාකා ක්‍රිලෝවක් රුපියල් එකසිය හතලිහත් එකසිය හැටත් අතර මිලකට අලෙවි වනු ඇත.

මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ පාරිභෝගිකයන් පවසනුයේ අමු මිරිස් මිල මෙසේ ඉහල ගියද එම අමු මිරිස් සැර නොමැති බවත් මිල වැඩි හේතුවෙන් ලපටි අමු මිරිස්ද වෙලද පලේ අලෙවියට තැබිමෙන් තමන් මෙසේ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

එමෙන්ම වට්ටක්කා මිලද මෙසේ ඉහල යාමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් වට්ටක්කා වැනි දෙයක් මෙයට පෙර මෙසේ මිල ඉහල ගොස් නොමැති බවත්ය.

මේ පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දක්වන එලවලු වෙලදුන් පවසනුයේ අමු මිරිස් නිසි ලෙස වෙලද පලට නොලැබෙන බවත් අමු මිරිස් තොග මිලද ඉහල යාමත් සමග මෙසේ අමු මිරිස් මිල ඉහල ගොස් ඇති බවත්ය.

අමු මිරිස් මිල මෙසේ ඉහල යාමත් සමග ලපටි අමු මිරිස්ද වෙලද පලට රැගෙන එමට අමු මිරිස් වගා කරුවන් පියවර ගෙන ඇති බවත්ය එමෙන්ම මේ වන විට වට්ටක්කා මිලද මේ වන විට දැඩි ඉහල ගොස් ඇති බවද එම වෙලදුන්ද පවසති.

සුදත්  සෙල්ලහේවා - හැටන්  

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.