lakbima.lk

අනවසර විශ්ව විද්‍යාලයක් - හින්දු සහ ක්‍රිස්තියානි තරුණ තරුණියන් 500කට පුහුණුව


ඉරාණයේ අල්මුස්තාපා නමැති විශ්ව විද්‍යාලයක්  ඌව පළාත් සභාවේ අවසරයක් නොලබා   ඌව පළාතේ පාසැල් 4 ක ගොඩනැගිලි උපයෝගි කර ගනිමින්  වතුකරයේ  හින්දු සහ ක්‍රිස්තියානි ආගම්වල අයත් ද්‍රවිඩ  තරුණ තරුණියන් 500 ක් සඳහා පාඨමාලා පවත්වා ඇතැයි ඌව පළාත්  ද්‍රවිඩ අධ්‍යාපන මාර්ග හා වතුයටිතල පහසුකම් ඇමති සෙන්දිල් තොන්ඩමන් මහතා  මාධ්‍ය හමුවකදි පැවසිය.

අරාබි භාෂාව , කුරාණය   ඉරාන දේශපාලන විද්‍යාව යන විෂයන් මෙම පාඨමාලාවේදි උගන්වන බවත් හෙතෙම අවධාරණය කළේය.


වසර10 ක සැලසුම්ක් යටතේ මෙසේ පුහුණු කරන අතර වසර 10 ක් යන විට 5000 ක් තරුණ තරුණියන් මෙම රැල්ල හසුවන අතර එය ඉතා අවාධානම් භයානක තත්වයක් බව  අවදාරණය  කළ ඇමතිවරයා මේ සම්බන්ධයෙන් රහස් පොලිසිය  හා ඌව පළාත් සභාවේ ද්‍රවිඩ අධ්‍යාපන අමාත්‍යාශය විසින්  විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් කීවේය.

බදුල්ල - සුලක්ෂ පියතිස්ස

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.