lakbima.lk

අතුරුදහන්ව සිටි පාසල් සිසුවියන් දෙදෙනාගේ සිරුරු සොයා ගැනේ

ආගරපතන ප්‍රදේශයේ සැඩ පහරට හසු වි අතුරුදහන් වි සිටි පාසල් සිසුවියන් දෙදෙනාගේම සිරුරු මේ වන විට සොයාගෙන ඇති බව ආගරපතන පොලිසිය පැවසිය.

මෙසේ සොයා ගනු ලැබුවේ  ආගරපතන ටොරිංටන් අග්‍රල්වත්ත ප්‍රදේශයේ පදිංචි මදියලගන් ලක්ෂ්මි (12) සහ මදියලගන් සංගිතා (12) යන පාසල් සිසුවියන් දෙදෙනාගේ සිරුරුයි.

එක් සිරුරක් ඊයේ (18) පස්වරුවේ සැඩ පහරට හසු වු ස්ථානයට පහලින් මිටර් 1000 පමණ පහලින් හමු වු අතර, අනෙක් සිසුවියගේ සිරුර සැඩ පහරට හසු වු ස්ථානයේ සිට කිලෝමිටර් 1 ½ පමණ පහලින් ටොරිංටන් තේ කර්මාන්ත ශාලාව අසල අග්‍රාඔයේ තිබි යුධ හමුදාව පොලිසිය සහ ප්‍රදේශවාසින් එක් ව සොයාගෙන ඇත.

පාසල් සිසුවියන් දෙදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.

හැටන් රංජිත් රාජපක්ෂ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.