lakbima.lk

මේ සහරාන් හෂීම් මියගියාද නැද්ද යන්නත් ඔහුගෙන් පසු ලංකාවේ අයි.එස්.අයි.එස් නායකයා කවුද යන්නත් ගැන කොයි කවුරුත් විමසිලිමත් වෙති.

ඉතා සමීප ඉතිහාසයේ ශී‍්‍ර ලංකාව මුහුණ දුන් ගැටුම් අතර ප‍්‍රධාන තැනක් උසුලනු ලැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ කැරැුල්ල සහ දෙමළ ඊළාම් විමුක්ති කොටින්ගේ  (එල්.ටී.ටී.ඊෙ) ඊළාම් රාජ්‍යයක් උදෙසා වූ යුද්ධයයි.

ජවිපෙට රෝහණ විජේවීර සහ එල්.ටී.ටී.ඊ යට වේලූ‍පිල්ලේ ප‍්‍රභාකරන් නායකත්වය දුන්හ. නායකත්වයේ සිට යටිතලය දක්වා ක‍්‍රියාත්මක ධුරාවලියක් තිබිණි.

මේ නිසා මෙම කැරලි හා යුද්ධ මර්දනය කිරීමට ශ‍්‍රී ලංකාවේ දක්ෂ නිලධාරීන්ගෙන් සැදුම්ලත් ආරක්ෂක අංශ සමත්වූයේ අදාළ සංවිධානවල ධුරාවලියේ නායකත්වය විනාශ කිරීම දක්වා මෙහෙයුම් ක‍්‍රියාත්මක කරමිනි. දැන් ප‍්‍රශ්නය ඇත්තේ ලංකාවේ අයි.එස්.අයි.එස්. ව්‍යුහය ඉහත සංවිධාන දෙකටම වඩා වෙනස් ස්වරූපයක් ගැනීමයි.

අන්තවාදයේ ආරම්භයේ පටන් යම් කුඩා අදහස් තබා ගැනීමෙන් මෙම තත්ත්වය තේරුම්ගත හැකිය. ඉස්ලාමීය අන්තවාදය මෑතකාලීනව ලෝකයේ බිහිවන්නේ ඉරානය සහ සෞදි අරාබිය කේන්ද්‍ර කරගෙනයි. ඊට ප‍්‍රධාන හේතුව වන්නේ ඉස්ලාමීය ඇදහිලි ක‍්‍රම අනුව බෙදී ගිය නිකාය භේදයයි. සෞදි ආරාබිය - සුන්නි මුස්ලිම්වරු ලෙසත්, ඉරානය ෂියා මුස්ලිම්වරු ලෙසත් බෙදුනෝය.

මීට වසර දහසකට පමණ ඉහත ශ‍්‍රී ලංකාවේ වෙළෙදාමට මුස්ලිම්වරුන් බහුතරයක් පැමිණෙන්නේ සෞදි අරාබියෙනි. ලංකාවේ මිලියන දෙකකට අධික මුස්ලිම් ජනතාවගෙන් සියයට 98.2 සුන්නි නිකායන් නියෝජනය කරන්නේ ඒ නිසාය. ඉරානයෙන් පැමිණි ෂියා මුස්ලිම්වරුන් මෙරට ජීවත්වන්නේ සියයට 1.5ක් පමණ සුළු කොටසකි.

පළමු ගැටුම ඇතිවන්නේ සුන්නි - ෂියා නිකාය අතරයි. දකුණු ආසියාව, චීනය, අග්නිදිග ආසියාව, අප‍්‍රිකාවේ සහ අරාබියේ ඇතැම් රටවල සුන්නි බහුතරය නියෝජනය වේ. ඉරාකය, බහරේන්, ලෙබනනය, ඉරානයේ ෂියා බහුතරයක් නියෝජනයවන අතර දේශපාලනික රැකවරණ ලැබූවන් වශයෙන් පාකිස්තානය, සිරියාව, යේමනය සහ කුවේටයේ ෂියා මුස්ලිම්වරු ජීවත්වෙති.

සුන්නි ෂියා අරගලයේදී සෞදියට සහ ඉරානයට සහය දක්වන මුස්ලිම් රටවල් කොටස් දෙකකට බෙදිනි. ජිහාඞ් ව්‍යාපාරය මුස්ලිම් රාජ්‍ය සංකල්පය වෙනුවෙන් මේ වනවිට සටන්වැදීමට අවි අතට ගන්නේ සුන්නි මුස්ලිම් රටවල් නියෝජනය කරමිනි. ටියුනීසියාවේ පටන්ගෙන මැදපෙරදිග හරහා හමාගිය අරාබි වසන්තය සිරියානු නැවතුම දක්වා පැමිණෙන්නේ මේ නිසාය.

සදාම් හුසේන් ඝාතනය කරමින් ඔහුව බලයෙන් පහ කරන ඇමෙරිකානු ආක‍්‍රමණයෙන් පසු ඉරාකයේ බලය ෂියා පාර්ශ්වයට හිමිවෙයි. මේ කාලයේදී සිරියාවේ පාලනය වෙනස් කිරීමට ඇමෙරිකාව කල්පනා කළේය. ඊට හේතු වූයේ සිරියානු- ඉරාන සබඳතාවය ඊශ‍්‍රායලයට ගැටලූ‍කාරී විමයි.

ඒ වනවිට ජිහාඞ්වාදයෙන් පෝෂණය වු තලේබාන්, අල් කයිඩා, අල් සබාබ්, අන්සර් අල් ඉස්ලාම් ත‍්‍රස්ත සංවිධානය බිහිවිය. අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතනය වු පසුව ඉරාකය සහ සිරියාව පදනම් කරගත් ඉස්ලාමීය රාජ්‍ය (අයි.එස්.අයි.එස්) ත‍්‍රස්ත සංවිධානයේ ක‍්‍රියාකාරිත්වය තීව‍්‍ර විය.

2014 ජුනි මාසයේදී මෙම සංවිධානය ඉස්ලාම් රාජ්‍ය ඉරාකය සහ ලැවිටියා (අයි.එස්.අයි.එල්) ලෙස කරළියට පැමිණෙයි. එහි නායකයා අබු බකර් අල් බැග්ඩාඩිය.

ඉස්ලාමීය රාජ්‍ය සංකල්පයට අයත් මුලධර්මයක් අබු බකර් අල් බැග්ඩාඩි විසින් ප‍්‍රකාශයට පත්කරයි. ඔහු යටතේ ඉරාකය, සිරියාව සහ අනෙකුත් රටවල් නියෝජනය කරමින් තවත් නායකත්ව ධුරාවලියක්ද සහිතව සංවිධාන ව්‍යුහයක් සැකසෙයි.

අබු බකර් අල් බැග්ඩාඩිගේ මුලධර්මයට අනුව ඉස්ලාමීය රාජ්‍යයක් වෙනුවෙන් සියලූ‍ දෙනා සිරියාවට පැමිණ යුද්ධ කළ යුතුය. අයි.එස්.අයි.එල්. ප‍්‍රකාශයට පත්කළ මුස්ලිම් රාජ්‍යයට (කැලෆ යට) ශ‍්‍රී ලංකාවද අයත්වේ. මුලින්ම සෞදි රජයේ පාලනයට හීලෑ වූ ජිහාඞ් සංවිධාන අයි.එස්.අයි.එල්. දක්වා වර්ධනය වනවිට මුල් අරමුණුවලින් බැහැරව සෞදියේ පාලනයෙන්ද ගිලිහිණි. ඒ අනුව දැන් සෞදියද අයි.එස්.අයි.එල්. විරෝධයක් පෙන්නුම් කරයි.

පසුව අයි.එස්.අයි.එල්. ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රධාන සතුරන් වර්ගීකරණයේ මුලම සිටියේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල්ය. ක‍්‍රිස්තියානි භක්තිකයන් දුටු තැන පහර එල්ල කිරීම අබු බකර් අල් බැග්ඩාඩිගේ නියෝගයයි.

ඔවුන්ගේ දෙවැනි සතුරා ඉස්ලාම් රාජ්‍යයට විරුද්ධවන රටවල් හා ජනතාවයි. ඇමෙරිකාව, ඉන්දියාව, ඇතුළු කවුරුන් විසින් ඊට විරුද්ධවේද එම රටවල් ඔවුන්ගේ සතුරු රටවල් වේ. ශ‍්‍රී ලංකාව වැනි රටවල් මෙම ප‍්‍රහාරයට පෙර සිටියේ තෙවැනි ගණයේය. ඇමෙරිකාවට සහය දෙන්නෙත් නෑ නොදෙන්නෙත් නෑ වැනි රටවල් ඔවුන් තෙවැනි තැනට දමා තිබිණි.

නමුත් කිසිවෙකු හෝ මෙම අයි.එස්.අයි.අල්. මුලධර්මය ශ‍්‍රී ලංකාවට නොඑන බවට අදහසකින් රට පාලනය කළේද අද අප භුක්ති විදිමින් සිටින්නේ එහි ප‍්‍රතිඵලයයි.

ශ‍්‍රී ලංකාවේ බුද්ධි අංශ මුලින්ම අයි.එස්.අයි.එස්. ත‍්‍රස්ත සංවිධානය ගැන දැනගන්නේ 2015 මැයි මාසයේදීය. ඒ මෙරට බුද්ධි අංශ වික්ෂිප්ත කරමින් විදෙස් ඔත්තු සේවාවක් ලබා දුන් පණිවුඩයකිනි. අදාල පණිවුඩයෙන් කියැවෙන්නේ ශ‍්‍රී ලාංකික පවුල් දෙකක් අයි.එස්.අයි.එස්. සටන් සඳහා සිරියාවට පැමිණ සිටින බවයි.

ඒ වනවිට ඉතා සකි‍්‍රය මට්ටමේ පැවැති මෙරට බුද්ධි අංශ මෙම පවුල් දෙක ගැන තොරතුරු හඳුනාගන්නේ එම මැයි මාසයේදීමය.

මොහොමඞ් මුහුසින් සර්ෆාස් නිලාම් මහනුවර ප‍්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබා පසුව පාකිස්තානයට ගොස් වැඩිදුර අධ්‍යාපනය ලබා අයි.එස්.අයි.එස්. ක‍්‍රියාකාරකම් සමග එක්වන අතර ඔහු, ඔහුගේ ගර්භණී බිරි`ද, ඇයගේ මව, දරුවන් සයදෙනා සහ නැන්දණිය සිරියාවට ගොස් ඇත්තේ 2015 ජනවාරි 15 වැනිදාය.  ඔහුගේ බිරි`දගේ දෙවැනි සහෝදරයා වූ තස්කර් අහමඞ් තාජුඞීන් නැතිනම් අබු දුජානා සෙයිලානි ඔවුන් සමග එක්වූ අනෙක් පවුලයි.

ඇමෙරිකානු  ගුවන් ප‍්‍රහාරයකින් සර්ෆාස් නීලාම් 2015 ජුලි 11 වැනිදා මරුමුවට පත්වන්නේ මේ අතරය. අයි.එස්.අයි.එස්. සංවිධානය ඔහු මියයෑම සම්බන්ධයෙන් විශාල ප‍්‍රචාරයක් ලබාදීම සිදුවිය. 2015 තෙක් මෙරට නිහඩව සිටි

කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ (ෆෙස්බුක්, ට්විටර්, වට්ස්ඇප්) ඔස්සේ විවෘතව මේ පිළිබඳව කතා කිරීමට පටන් ගන්නේ අදාළ සිද්ධිය පසුබිම් කරගෙනය.

ඒ අනුව එවකට පැවැති රජයේ බුද්ධි අංශ මේ පිළිබදව ඉතා සංවේදී වෙමින් කටයුතු කිරීම ආරම්භ කර තිබුණි.

2015 සිට 2020 සැලැස්ම ඉන් එක් පියවරකි. මේ වෙනුවෙන් ක‍්‍රියාත්මක යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශය සතුව අවුරුදු පහෙන් පහට ක‍්‍රියාත්මක අනෙකුත් බුද්ධි අංශ හා ඒකාබද්ධ බුද්ධි අංශ සැලැස්මක් විය.

එහි ප‍්‍රධාන සැලසුම් වී තිබුණේ ශ‍්‍රී ලංකාවට පිටතින් එන තර්ජන පිළිබදව අවධානය යොමු කිරීම, එල්.ටී.ටී.ඊ.ය නැවත හිස එසැවීමේ තර්ජනය දෙස බැලීම, මිනිස් ජවාරම හා මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම, මුස්ලිම් හා සිංහල  මුලධර්මවාදය ගොඩනැගීම පිළිබ`දව සොයා බැලීම ඒ අතර වූයේය.

එකල ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත බුද්ධි අංශ ප‍්‍රධානි ලෙස කටයුතු කළ බි‍්‍රගේඩියර් සලේ ඇතුළු නිලධාරීන් ඒ වෙනුවෙන් ක‍්‍රියාතමක විය. බුද්ධි අංශ නිලධාරීන් රටවල් 08කට යවා මේ සම්බන්ධයෙන් පුහුණුවීම් සිදුවිය. ඊට අමතරව සමාජ මාධ්‍ය ජාලා අධ්‍යයනය කිරීම සඳහා වෙනමම බුද්ධි ජාලයක් ස්ථාපිත කෙරිණි. අරාබි භාෂාව කතාකළ හැකි පිරිසට එහි විශේෂ වගකීම් පැවැරිණි. කොල්ලූ‍පිටිය මුම්ටාස් මහල් එකල අදාළ කටයුතුවල මුලස්ථානය ලෙස භාවිතයට ගැණිනි.

මෙවැනි පද්ධතියක් කි‍්‍රයාත්මකවීම නිසා 2015 අගෝස්තු වනවිට ශ‍්‍රී ලාංකිකයන් 41 දෙනෙකු සිරියාවට ගොස් අයි.එස්.අයි.එස්. සමග එක්ව ඇති බව බුද්ධි අංශ විසින් අනාවරණය කර ගැණිනි. 2015 වනවිට  අයි.එස්.අයි.එස් ක‍්‍රියාකාරකම් සඳහා සහය පළ කරන 15ක පමණ කණ්ඩායමක් සමාජ ජාලවල සැරිසැරීමට පටන් ගනී. ඔවුන්ගේ මුල්ම එකතුව ජේ.එම්.අයි සංවිධානයයි.

ලංකාවේ සුන්නි මුස්ලිම් වැසියන්ගෙන් සියයට 40ක් පමණ 1990 මැද භාගය වනවිට තාරිකා නිකාය වැලදගැනීම ඒවනවිටත් සිදුවී තිබිණි. සියයට 55ක් තබ්ලික් ජමාද් සහ සියයට 3ක් තවුහිද් නිකායට සෘජුවම සම්බන්ධ වුයේය.

තව්හිද් ජමාද් ශ‍්‍රී ලංකා සංවිධානය පසුව කොටස් 4කට කැඞී ගියේය. සමස්ත ලංකා තවුහිත් ජමාද්, ලංකා තවුහිත් ජමාද්, එක්සත් තවුහිත් ජමාත්, ජාතික තවුහිත් ජමාත් ඒ කණ්ඩායම් හතරයි.

සහරාන් හෂීම් අයත් වූයේ 2016-2017 වසරවල ඇතිකරගත් ජාතික තවුහිත් ජමාද් (එන්.ටී.ජේ.) සංවිධානයටයි. ඔහු එහි නායකයා වන්නේ  ජේ.ඒම්.අයි. සහ ලංකා තවුහිද් ජමාද් සංවිධානවල කොටසක් කඩාගෙන නව සංවිධානයක් ලෙස කාත්තන්කුඩිය මුල්කරගෙන ඒන්.ටී.ජේ සංවිධානය බිහිකිරීමෙනි.

2016 අග ඉන්දියාවට යන සහරාන් හෂීම් නැවත ශී‍්‍ර ලංකාවට පැමිණෙන්නේ 2017 වසරේදීය. ඒ වනවිට ඔහු අයි.එස්.අයි.එස් ත‍්‍රස්ත සංවිධානයේ මුලධර්මවාදය ගෙනයන ප‍්‍රමුඛ දේශකයෙකි. අබු බකර් අල් බැග්ඩාඩිගේ තවත් දෙසුමක් වූයේ සිරියාවට පැමිණිය නොහැකිනම් තමන්ගේ රටේ සිට ඊට සහය දැක්වීමේ හැකියාව ඇති බවයි.

සිරියාවේ බලය අයි.එස්.අයි.එස් සටන්කාමීන්ගෙන් ගිලිහෙනවිට ශ‍්‍රී ලංකාවෙන් සිරියාවට ගිය අයි.එස්.අයි.එස්. පවුල්වල සාමාජිකයන් මෙන්ම වෙනත් රටවල අයි.එස්.අයි.එස් සාමාජිකයන්ද මෙරටට පැමිණීම සිදුවන්නේ පසුගිය කාලයේ මෙරට ක‍්‍රියාත්මක වූ සංහි`දියාවේ දේශපාලන යහපාලනයට පින්සිදු වන්නටය.

අබු බකර් අල් බැග්ඩාඩි සහ ඔහුගේ සංවිධානය වෙනුවෙන් පටිගත කළ වීඩියෝවකින් සහය දක්වා පසුගිය පාස්කු ඉරිදා 4-21 ප‍්‍රහාරයකට සහරාම් හෂිම් ඇතුළු මිනිස් බෝම්බ සමුහයක් ක‍්‍රියාත්මක වන්නේ මෙවැනි පසුබිමකය. අරක්ෂක අංශ තහවුරු කරගෙන ඇත්තේ ෂැංග‍්‍රිලා ප‍්‍රහාරයේදී  සහරාන් හෂීම් මරුමුවට පත් වූ බවයි. නමුත් එ් ගැන සැක සංකා රටේ නැති වුවත් ත‍්‍රස්තවාදී සංවිධානයක නායකයා මුලින්ම මිය යන්නේ නැත. නායකයා නිදැල්ලේ සිටිනු ඇතැයි ආරක්ෂක බුද්ධි අංශ විශ්වාසය පළ කරන්නේ ඒ නිසාය.

මේ සැකසංකා දුරු කිරීමට සහරාන්ගේ ඞී.එන්.ඒ. පරීක්‍ෂණයක් කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තේය. ඒ අනුව දැනට අත්අඩංගුවේ සිටින සහරාන්ගේ සහෝදරියගෙන් එ් සඳහා ඞී.එන්.එ්. සාම්පල් ගැනීමට අධිකරණය අවසර දුන්නේය. මේ ආකාරයට වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ඞී.එන්.ඒ. සාම්පල්ද පරීක්ෂාවට ලක් විය.

කෙසේ නමුදු මුලධර්මවාදී සංවිධානයකට නායකයන් පැටව් ගැසීම සාමාන්‍ය සිදුවීමකි. ඔවුන්ගේ වෙනස මුලධර්මවාදය වෙනුවෙන් ක‍්‍රියාත්මක වීමයි. සමාජයේ ඉහළම යැයි සැලකෙන උගතුන් මිනිස් බෝම්බ ලෙස මරුමුවට පත්වන්නට තරම් මොළ සේදීමකට ලක්ව ඇත්තේ මුලධර්මවාදී ඇදැහිල්ලයි. ඒ නිසා සහරාන්ගෙන් පසු ඔහුට සමීප සබඳතා පැවැත් වූ සහ ඔහුට උපදෙස් දුන් බව කියන පුද්ගලයන් කිහිපදෙනෙක්ම මේ වනවිට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන හමාරය.

සෞදියේදී අත්අඩංගුවට ගත් සැකකරුවකු මෙන්ම පුජකවරයකුද ඒ අතර සිටිති. සහරාන්ගේ බිරිඳද කට ඇර ඇතැම් කරුණු හෙළිකරමින් සිටියි. කෙසේ වෙතත් මේ තත්ත්වයේදී සිදු වූ දරුණුතම ඛේදවාචකය නම් අයි.එස්.අයි.එස්. පළමු ඉලක්කගත රටක් ලෙස අවාසනාවන්ත ලෙස අප රටද නාමකරණය වීමයි. ඉහතින් සඳහන් කළ කරුණු අනුව ඔබට එය  තේරුම්ගත හැකිය.

පසුගිය වසරේ අග මඩකළපුව වුව්නතිව් ප‍්‍රහාරයෙන් මියගිය පොලිස් නිලධාරීන් දෙදෙනාගේ පරීක්ෂණ, වනාතවිල්ලූ‍වෙන් හමුවු පුපුරන ද්‍රව්‍ය කිලෝ සියය සහ පාස්කු ඉරිදා ප‍්‍රහාරයට පෙර ලැබුණු විදෙස් බුද්ධි අංශ තොරතුරුවලට මෙරට බුද්ධි අංශ ක‍්‍රියාත්මක වූයේ නම් හා කලින් පැවැති ක‍්‍රමවේද තුළ පරීක්ෂණ මෙහෙයුම් ඉදිරියට ගියේ නම් මෙම ව්‍යසනය වළක්වා ගත හැකිව තිබිණි.

නමුත් දැන් ඊට ප‍්‍රමාද වැඩිය. දැන් අප සුදානම් විය යුත්තේ පවතින තත්ත්වයෙන් ඉදිරියට යාමටයි. මුස්ලිම් සමාජයේ සියලූ‍දෙනා සතුරන් ලෙස සිතා කටයුතු කිරීමෙන් කෙනෙකු පතන සාමය ලබා ගැනීමට නොහැකිය. එසේ නම් බුද්ධිමත්ව කටයුතු කිරීම ආරක්ෂක බුද්ධි අංශ ශක්තිමත් කිරීම මේ මොහොතේ කළ යුතු මුලිකම කටයුත්තයි.

රමේෂ් වරල්ලෙගම

  1. දැනට අපි ඒක රහසක් විදියට තියා ගමු
  2. මම තාත්තා ගැන හොඳට දන්නවා
  3. සහරාන් මැරෙන්නට කලින් සිව් හැවිරිදි දියණීය අපයෝජනය කරලා
  4. සරසවියෙන් හමුව පොලිසියට ගෙනා සැකකටයුතු උපකරණය, සිම්පත් හා බුර්කා ඇඳි කත
  5. හැටපස් වියැති කාන්තාව මැරුවයි සැකපිට 48 හැවිරිදි අනියම් සැමියා අත්අඩංගුවට
  6. පුතා සිරියාවේ සැපෙන් ඉන්නවා - IS ප්‍රබලයකුගේ මව් පියන් CIDයට කියයි
  7. අල්ලස් නොදුන් රියදුරාට බොරු නඩු දැමූ අධිකරණයේදී හිර වෙයි
  8. ආරක්ෂාව තහවුරු බව රටට කියූ දේශපාලකයින්ගේ දරුවන් පාසල් එවපු හැටි
  9. බියටපත් මදූෂ් හතරවෙනි තට්ටුවේදී හඬා වැටෙමින් ඉල්ලපු ඉල්ලීම
  10. ශැන්ග්‍රිලා බෝම්බයෙන් මිය ගිය ඩෙන්මාර්ක ධනවාතාගේ දරුවන් අවසන් ගමන් යයි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.