lakbima.lk

ලෝකයේ රටවල් 136 ක ආදිවාසී ජනයා මෙසේ ලෝක ආදිවාසී දිනය සමරද්දී සෙසු රටවල ආදිවාසීන්ට නොලැබුණ විශේෂ වරප‍්‍රසාදයක් මෙරට ආදිවාසීන්ට ලැබී තිබුණි.
ලංකාව හැර අනික් රටවල් 135ක ආදිවාසීන් මෙම දිනය සැමරුවේ කිසිදු රාජ්‍ය අනුග‍්‍රහයකින් තොරවය.
 එ්ත් අපේ රටේ ආදිවාසී දින සැමරුම සඳහා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය, මධ්‍යම සංස්කෘතික අරමුදල, ඌව පළාත් සභාව සහ බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඇතුලූ සියලූම රාජ්‍ය ආයතන සහයෝගය ලබාදී තිබූ අතර මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් රුපියල් 1550000 (පහළොස් ලක්‍ෂ පනස්දහසක්) ලබා දී තිබිණි.
මෙහිදී පැවැති උත්සව සභාව අමතා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විජිතනන්ද කුමාර මහතා අපූරු කතාවක් කළේය.
”මේ ආදිවාසී ජනතාව අපි ආරක්ෂා කර ගන්න  ඕන. ඒකට මෙහෙම උත්සව විතරක් පවත්වලා හරි යන්නේ නැහැ.මේ අයගෙ ප‍්‍රශ්න ගැටලූ තේරුම් අරගෙන ඒවට විස`දුම් දෙන්න  ඕන. වනාන්තරය පරිහරණය කිරීමේ ගැටලූ තියෙනවා, භාෂාව ආරක්ෂා කර ගැනීම පිළිබ`ද ගැටලූ තියෙනවා, මේවා කාලාන්තරයක ඉ`දලා තිබුණ ඒවා. එහෙම ගිලිහී ගිහින් තියෙන දේවල් පිළිබ`දව  ප‍්‍රතිපත්තිමය තීරණ මේ වසර තුළදී ගැනීමට මම අදිෂ්ඨාන කර ගත්තා.” ඔහු කීවේය.
”විජිතනන්ද  ලේකම් හූරට මේ ඇත්තන්ගේ පරම්පරා පොජ්ජෙන් මංගච්චන ඇත්තන්ගේ ගැටලූ පොජ්ජවල් මාමාකැච්චක් හිත් ලානවා. ගොවිතැන් තැන මංදොකරන්න     දියරැුච්ච කොදොයි, දඩයම්තැන, මීපැණි පොජ්ජ, බෙහෙත් තැන මංදො කරගන්නට කැලෑ පොජ්ජට මංගච්චන්න කොදොයි,  මේ ඇත්තන්ගේ කැකුළො කැකුළියො භාෂාතැන කතා දමන්න කොදොයි  මේ ගැටලූ තුනම  ඇනුකලන්න කියලා හැම උත්සව පොජ්ජකම මේ ඇත්තො  කතා දැම්මා. අද දවස් පොජ්ජට මංගච්චන කොට  මේ ලේකම් හූරා ඒ තැන හිත්ලාගෙන ර`දනවා. හෙට දවස් පොජ්ජට මංගච්චනකොට  මේ ඇත්තන්ගේ පරම්පරාපොජ්ජේ  මිනිග්ගජ්ජුන්ට  හො`දවාගෙ කාල මැච්චක්  මංගච්චයි කියලා හිත්ලානවා”
ආදිවාසී ප‍්‍රධාන නායක  වන්නියලැත්තන් එලෙස සතුටු වුවද  අනෙකුත් ගම්මානවලින් පැමිණී ආදිවාසීන්ගේ ප‍්‍රාදේශීය නායකයින්ගේ සිත් තුළ යම් යම් අපැහැදීම්ද ඇති බව ඔවුන් කළ කී දෙයින් පැහැදිළිවිය.  පොල්ලෙබැද්දේ ආදිවාසීන්ගේ  නායකයා වන තලාබංඩාරලාගේ ගුණවර්ධන පවසන්නේ මෙවැන්නකි.
   ”මේ ආදිවාසී උත්සවයට එන එකේ එක වාසියයි තියෙන්නේ. මේ රටපුරාඉන්න අපේ ආදිවාසී මිනිස්සු අවුරුද්දකට එක වතාවක් හරි දැක ගන්න ලැබෙනවා. ඒත් ඉතින් හැමෝම නෙමෙයිනේ. එක ගමකින් 50 ක්නේ ඇවිත් ඉන්නේ.  අපිට ඔය මොනවා හරි කන්න ටිකක් දීලා වියළි සලාක මල්ලක් දෙනවා.  මේව අපිට ලැබුණට  අද ආවෙ නැති අයට ඒකත් නැහැනෙ.  අපි ගෙදර හිටියා නම් වඩු වැඩට මේසන් වැඩට යන කෙනෙකුට රුපියල් 1500 ක්  හෝ 2000 ක් දවසකට හොයා ගන්න පු`ඵවන්. දැන් දවස් දෙකක්ම  සතයකවත් ආදායමක් නැහැනේ. අපේ ආදිවාසී පවුල් 350 ක් විතර ඉන්නවා. ඒ පවුල් වල දරුවො 60 ක් 70 ක් අද ගෙවල්  වලට වෙලා ඉන්නවා  පාසල් යවන්න දෙමව්පියන්ට ආදායම් මාර්ගයක් නැතිව. මට පොඩි ශාලාවක් හදාගන්න කවුරු හරි උදව් කරනවානම් ඒ දරුවන්ට අපේ භාෂාව හරි උගන්නන්න තිබුණා. මේ ගැටලූ දඹානට නැහැ. හැමෝම උදව් කරන්නේ දඹානටනෙ”
මේ ආකාරයට දඹානට හැමෝගෙම අවධානය තියෙන බව කියමින් චෝදනා කළ පිරිස් නැතිවාමත් නොවෙති. එක දවසක් වියළි සලාක මල්ලක් දෙනවාට වඩා ඔවුන් ජීවත් වන ගම් පළාත් වලට ගොස් හො`දින් තොරතුරු සොයා  ඒ ඒ ගම්මාන වලට අවශ්‍ය දේ ඉෂ්ඨ කළානම් මේ ලොකු  මුදලක් වියදම් කර උත්සව පවත්වනවාට වඩා හො`දයි බව වැඩි දෙනෙකුගේ යෝජනා ලෙසද තිබිණි.
මේ අතර වසර 30 ක යුද්ධය පැවැති සමයේ විවිධ පීඩාවන්ට මුහුණ දුන් නැෙ`ගනහිර ආදිවාසී නායක නල්ලතම්බිගේ වේලායුදන් තවමත් එහි ආදිවාසීන්ට   ගැටලූ රාශියක් පැන නැ`ගී ඇති බව පවසයි. ”වැව් ගැඹුරු කරනවා කියලා නිලධාරීන් වගේම දේශපාලනඥයනුත් අපට හැමදාම බොරු කරනවා.”
මෙවැනිම ප‍්‍රශ්න ගැටලූ රතුගල, හෙනන්නේගල, ද`ඵකාන ආදිවාසී ජනයාට තිබෙන බව වරිග සභාවට ඉදිරිපත්ව තිබිණි. එම ප‍්‍රශ්න කතා  නොකර අවුරුද්දට එක් වතාවක් රැුස්වී      වේලක් දෙකක් කාල බීල  වියළි ආහාර ද්‍රව්‍ය මල්ලක් රැුගෙන යාමෙන් ප‍්‍රශ්න විස`දිය හැකිද යන්න  ආදිවාසී ප‍්‍රාදේශීය නායකයෝ කතා කළහ. එදින සාකච්ජාවට බ`දුන්වූ කරුණු අතර දඹානේ මෙන් තොරතුරු මධ්‍යස්ථානය සහ වෙද පියස වැනි  පහසුකම් අනෙක්  ගම්මානවලත් පිහිටුවනවා නම් එය ආදිවාසීන්ට දක්වන ගෞරවයක්  මෙන්ම දඹානට මෙන්ම සෙසු ගම්මාන වලටත් සංචාරකයන් ගෙන්වා ගැනීමට මාර්ගයක් සැලසෙන බවද ඔවුහු පෙන්වා දෙති.
 උත්සව සභාව අවසන් කරමින් සිය කතාව කළ ආදිවාසී නායකයා ”මොන එකමේ ජාති පොජ්ජකට  හරි වටිනාකම් පොජ්ජක් තිබන්නට නම් ජීවත් පොජජ් මන්දො වෙන්න ඇත්තකයි. ජීවත් පොජ්ජ මන්දොවෙන්නට නම්  කැවිල්ලන්න  ඇත්තකයි. කැවිල්ලන්න කොදොයි වුණොත්  ජීවත් පොජ්ජ මන්දො වෙන්න කොදොයි.  කැවිල්ලන්න ඇත්තකයි නම්  ජාති පොජ්ජ, ආගම් පොජ්ජ, සංස්කෘතික පොජ්ජ කියලා කතා දමන හැම එකමක්ම සිහි තැනට මන්දො වෙන්නේ.” යනුවෙන් පැවැසූ නායකයා මෙය අවසන් ආදිවාසී උත්සවය බව පැවසූ අතර ඉදිරි වර්ෂයේ සිට රජයෙන් දෙන මුදලෙන් එක ගමකට එක වැඩක් වශයෙන් යොදාගෙන එක අවුරුද්දක එක ගමක ජනතාවත් සමග උත්සවය පවත්වා ඒ මුදලින් එම ගම්මානයේ අඩුපාඩු සම්පූර්ණ කරන බව පැවැසීය.  පසුගිය වසරේ වරිග සභාවෙන් ඉදිරිපත්වුණ අඩුපාඩු සියල්ල පසු දිනම  මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් වරයාට ලබා දුන්නද මේ වසරේ එම වැඩ සිදුවූවාදැයි  වරිග සභාව අවස්ථාවේ විමසද්දී ප‍්‍රාදේශීය නායකයන්ගෙන්  එකක්වත් ඉටු වී නැති බව දැන ගත් බව පැවසූ ආදිවාසී නායකයා මෙවර ඉල්ලීම්වලට එසේ නොකරන ලෙසද කාරුණික ඉල්ලීමක්  කරන ලදී.

කමලා අතරගල්ල

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.