lakbima.lk

'සොලංජි ගුණවිජය' ක්ෂේත්‍ර දෙකක හිණිපෙත්තටම ගිය රැජිණකි.  වරෙක ඇය ක්‍රීඩා පිටියේ ජය කෙහෙලි නංවද්දී තවත් වරක රූ රැජිණක් වන්නීය. සොලංජි නමට ලියැවුණු වාර්තා කොතෙකුත්ය. ඉන් පළමුවැන්න ක්‍රීඩාවෙනි. ශ්‍රී ලංකා ජාතික පැසිපන්දු (බාස්කට් බෝල්) කණ්ඩායමක් අඩුම වයසින් නියෝජනය කිරීමේ වාර්තාව ඇය සතුය. වයස අවුරුදු 14 දී ඇය ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායම නියෝජනය කළාය. එය පැසිපන්දු කාන්තා කණ්ඩායමින් අඩුම වයසින්  නියෝජනය කළ වර්තාවයි. එය අදටත් නොබිඳුණු වාර්තාවකි. ඉන් අනතුරුව ඇය ක්‍රීඩාවත් සමගම නිරූපණ ක්ෂේත්‍රය තුළද කැපී පෙන්වන්නියක් වන්නීය. වර්ෂ 2014 දී 'දෙරණ මිහිකත රූ රැජිණ' තරගයට ඉදිරිපත් වූ ඇය එහි 'දෙරණ මිහිකත රූ රැජිණ' ලෙස අභිෂේක වූවාය.  වර්තමානයේ  නිරූපණ ක්ෂේත්‍රයේත් ක්‍රීඩාවෙත් එක ලෙස දස්කම් දක්වන සොලංජි මෙවර අප හා එක් වූයේ මෙලෙසිනි.

මේ දවස්වල වැඩියෙන් කාර්ය බහුල ක්‍රීඩාවේද? නිරූපණ ක්ෂේත්‍රය තුළද?

මේ දවස්වල වෙළෙඳ සේවා පැසි පන්දු තරගාවලි තිබ්බා. අවසන් තරගය  වෙනකන්ම අපිට තරග වදින්න සිදු වුණා. අවසන් තරගයේදීත් ජයග්‍රහණය කළේ අපියි. ඒ  කියන්නේ මෙවර වෙළෙඳ සේවා බාස්කට් බෝල් ශූරියන් වූයේ මා නියෝජනය කළ 'කොමර්ෂල් ක්‍රෙඩට්‘ කණ්ඩායම.

මෙවර තරගාවලියේ ඔබ විශේෂ ඇඟයීමකට ලක්වුණාද?

ඔව්. මෙවර දක්ෂතම ක්‍රීඩිකාව වුණේ මම. අනික කියන්න ඕන වෙළෙඳසේවා තරගාවලියක් ක්‍රීඩා කරපු පළමු අවස්ථාවත් මෙයයි.

ඔබ පසුගිය කා‍ලේ ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායමත් සමග ගොඩක් කාර්ය බහුල වුණා?

ඔව්. අපේ ආසියානු තරගාවලි තිබ්බා. ඒවාට තරග වදින්න විවිධ අවස්ථාවල' විදේශගත වෙන්න වුණා. පසුගිය කා‍ලේ ක්‍රීඩාව වෙනුවෙන් ගොඩක් කාලය වැය වුණා. එම තරගාවලි දෙකකට සහභාගි වෙලා ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වල 7වන ස්ථානයට ගේන්න අපට පුළුවන් වුණා.

ඔබ පුංචිම කා‍ලේ පැසිපන්දුවට ආවේ? දැන් ජාතික කණ්ඩායම නියෝජනය කළා ඇති නැද්ද?

 වර්ෂ 2005 ඉදන් මම ජාතික කණ්ඩායමේ සාමාජිකාවක්. මගේ  හිස්තැන පුරවන්න ක්‍රීඩිකාවක් ඉන්නවානම් ඇත්තටම මම ඉවත් වෙනවා.

පැසිපන්දුව නිසා නිරූපණ ක්ෂේත්‍රය මේ දවස්වල අමතක කළාද?

අ‍පෝ නෑ. ක්‍රීඩාව මට දීපු හොඳම දේ තමයි ටයිම් මැනේජ්මන්ට්.  පැය 24 ඇතුළේ මේවා මා කළමනාකරණය කර ගන්නවා. ෆොටෝ ෂූට්, මොඩ්ලින් ෂෝ, මැච් එක්ක තමයි දවස  ගවෛන්නේ ඊට අමතරව මේ දවස්වල 'ලෝක විවාහක රූ රැජිණ තරගයේ' ලංකාවේ නියෝජිත  වරිය තේරීමේ තරගවල ෆිට්නස් පැත්තෙන්   විනිශ්චය මණ්ඩලයේත් වැඩ කරනවා.

ක්‍රීඩාවයි, නිරූපණ ක්ෂේත්‍රයි නිසා විවාහය අමතකම කරලද?

 අ‍පෝ තව කල් තියෙනවා. ලබන අවුරුද්දේ වගේ බලා‍පොරොත්තුවක් තියෙනවා විවාහයට. විවාහ වෙන කෙනා තාම විදේස්ගතවනේ ඉන්නේ.

ක්‍රීඩාවටයි, නිරූපණයටයි දෙකටම ඔබට ශක්තියක් වුණේ ශරීරයේ උස නේද?

ඔව්. ඒක ඇත්ත මම උස හින්දා ඔය ක්ෂේත්‍ර දෙකේදීම මට අමතරව වාසියක් ආවා.

ක්‍රීඩාවෙනුයි, නිරූපණයෙනුයි වඩාත් කැමැති මොකක්ද?

 ක්‍රීඩාව මගේ ජීවිතේ වගේ. නිරූපණය මගේ වෘත්තිය. ඔය දෙකම මගේ ඇගේ තියෙනවා. දෙකටම මම ගෞරවයෙන්, ආදරයෙන් නියැළෙන්නේ. වඩාත් කැමැති එක කියන්න අමාරුයි.

ක්‍රීඩා පිටියේ අව්වේ පිච්චිලා නිරූපණ ක්ෂේත්‍රයට යද්දී ප්‍රශ්නයක් නැද්ද?

 නෑ. ඒකට මගේ සමත් හුරු වෙලා දක්ෂතාවයයි වැදගත්

ශිරන්ති ගුණසේකර       

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.