lakbima.lk

වෙබ් අඩවිවල විවිධ උපක්‍රම භාවිත කරමින් ශ්‍රී ලාංකික ධනවත් කාන්තාවන් ව්‍යාජ ප්‍රේම සබඳතා ගොඩනගාගෙන අනතුරුව ඔවුන් රවටා කප්පම් ලබාගත් පාකිස්තානු ජාතිකයකු අත්අඩංගුවට ගත් බව කොහුවල ‍පොලීසිය පවසයි.

කොහුවල හෝටලයක් තුළ එවැනි කප්පම් ගනුදෙනුවක් සිදුවන අවස්ථාවේදී ‍පොලීසිය එම හෝටලය වටලා ප්‍රධාන සැකකරුගේ ගෝලයා අත්අඩංගුවට ගත් අතරෙ ඒ හරහා මීගමුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක සිටි මෙහි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු අන්තර්ජාලයේ සැරිසරමින් තමන් මීගමුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක හිමිකරු බව පවසමින් මුදල් යහමින් ඇති කාන්තාවන් ඉලක්ක කර විවාහ කර ගන්නා බවට ‍පොරොන්දු වී එම හෝටලයට ගෙන්වා ගෙන ඇත. ඉන්පසු එම හෝටලයේ සවිකර තිබූ රහසිගත කැමරා උපයෝගී කරගනිමින් මෙම කාන්තාවන්ගේ විවිධ පෞද්ගලික ඉරියව් වීඩියෝ කර එම වීඩියෝ පට පෙන්වා ඒවා අන්තර්ජාලයට මුදා හරින බව පවසා රුපියල් කෝටි ගණනක් කප්පම් ගෙන ඇති බවත් ‍පොලීසිය පවසයි. මෙලෙස ඔහු කිරුළපන ප්‍රදේශයේ 31 හැවිරිදි ධනවත් තරුණියකගෙන් රුපියල් ලක්ෂ 28 ක කප්පම් මුදලක් ඉල්ලා ඇති අතර එම තරුණිය සිද්ධියට මුහුණදීමට නොහැකිව බියෙන් ඕස්ට්‍රේලියාවට පැන ගොස් එහි සිට මිතුරියක් හරහා ‍පොලීසියට පැමිණිලි කර තිබේ.

අනතුරුව එකී මුදලින් රුපියල් ලක්ෂ 12 ක චෙක්පතක් මගින් ලබාදීමට ගනුදෙනුව සිදු කළ අවස්ථාවේ මෙලෙස සැකකරුගේ ගෝලයා අත්අඩංගුවට පත් වී අනතුරුව සැකකරුද අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකරු අදාළ හෝටලයේ හිමිකරු නොවන බවත් එහි කළමනාකරු බවත් සැකකරු පලස්තීන රටින්  නෙරපා ඇති පුද්ගලයකු වූ අතර හෙතෙම 28 වියේ පසුවන අයකු බවත් ‍පොලීසිය පවසයි.

සැකකරු මෙලෙස දිවයින පුරා කතුන් බොහෝමයක් රවටා ඇති අතර එම අගතියට පත් කාන්තාවන්හට   මෙම විමර්ශන කටයුත්තට සහය ලබා දෙන මෙන් කොහුවල ‍පොලීසිය ඉල්ලා සිටී.

මේ සම්බන්ධයෙන් කොහුවල ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ වැඩ බලන ස්ථානාධිපති උප ‍පොලිස් පරීක්ෂක ජයසංඛ මහතාගේ මෙහෙයවීමෙන් ‍පොලිස් කොස්තාපල්වරුන් වන (75707) බණ්ඩාර (73019) රංගන (11890) පියල් (78723) රණසිංහ යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

අමා ද සිල්වා - කඩුවෙල

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.