lakbima.lk


හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටිනා ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍යවල දැඩි ලෙස කතාබහට ලක්වුණා. Anna Barchetti Durisch නම් මෙම ඡායාරූප පෙළේ  සිටි කාන්තාව බන්දුල ගුණවර්ධන මහතාගේ මෙන්ම ඔහුගේ පවු‍ලේද ළඟම හිතවතියක් බවයි ඉන්පසුව හෙළි වූණේ.

මේ, ඒ පිළිබඳව ඔහුගේ දියණියක වන කුමුදුමාලි ගුණවර්ධන ඇගේ ෆේස්බුක් ගිණුමේ පළකර තිබූ සටහනක්.
පළමුවෙන්ම මේ දවස් කීපයේ මට මෙසේජ් කරපු Call  කරලා දුක සැප බලපු හැමෝටම මම මුළු හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. මගේ ආදරණීය පියාගේ ඡායාරූපයක් සමාජ ජාලවල සැරි සරන්න පටන්ගත් දවසේ ඉඳන් අප පවුල වෙනුවෙන් සිට ගත් හැමෝටම ස්තූතියි. මේ සමාජයේ ඥානවන්ත පිරිස් තාමත් සිටින බවට ඔවුන් නිසැකවම උදහරණයක්.

ඇත්තම කියනවා නම් මට ඒ ‍පෝස්ට් දැකලා දුක හිතුණේ නැහැ. හාස්‍ය ඉපැද්දුවා පමණයි. මට එය හාස්‍යජනක දෙයක් වුණේ මම මගේ පියා ගැන හොඳාකාරවම දන්න නිසා. ඔහුගේ චරිතය ගැන මම දන්නා නිසා  ඔහුට තමන්ගේ පවුල කොයිතරම් නම් වටිනවද කියලා මම දන්න නිසා. මගේ අම්මට පණ ඇරලා ආදරේ කරනවා කියලා මම දන්න නිසා. මගේ මවට කොයිතරම් නම් ගරු කරනවා ද කියා මම දන්න නිසා.

ඔහු කාන්තාවන්ට කොපමණ ගරු කරනවද කියා දුවෙක් විදියට මම හොඳටම දන්න නිසා.
මගේ පියා මේ රට වෙනුවෙන්, මේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් තමන්ගේ ජීවිත කාලයේ හරි අඩකට වඩා කැප කරලා තියෙන මනුස්සයෙක්. මට ආඩම්බරයි මගේ තාත්තා ගැන. කවමදාකවත් දුශිත දේශපාලකයෙක් කියා කාගෙන්වත් වචනයක්වත් අහපු නැති දැවැන්ත මනුස්සයෙක්.

හොරෙක් මිනී මරුවෙක් වංචා කාරයෙක් කියා චෝදනා එල්ල නොවූ සුපිරිසිදු දේශපාලකයෙක්. මනුස්සයෙක්... එය දරාගන්න බැරි අවස්ථාවාදී බුද්ධියෙන් අඩු කීප දෙනෙක්ට ඔහුගේ සුපිරිසිදු චරිතය අමු අමුවේ ඝාතනය කරන්නට වුවමනා වී ඇති බවට පැහැදිලියි.

මගේ පියා ප්‍රතිපත්ති ගරුක මනුස්සයෙක්. තමන්ට වඩා රටේ ජනතාව ගැන හිතපු මනුස්සයෙක්. අපි ඉපදුන දා සිට අපිට රජයෙන් ලබා දෙන නිවස්වල සැප පහසුව අත්දැකීමක් නොතිබිණි. අපි රජයේ වාහන පාවිච්චි කරපු හෝ ආරක්ෂක රථ පෙළපාළිවලින් ගමන් කරපු මිනිස්සු නමෛයි, මට ආඩම්බරයෙන් කියන්න පුළුවන් අපි මේ රටේ බදු සල්ලි වලින් සතයක්වත් අවභාවිත කරලා නැහැ කියලා.

අපිට ඔහු හැමදාමත් ඉගැන්නුවේ දෙපයින් හිටගන්න. දේශපාලන බලය කවදාවත් පාවිච්චි නොකරන්න කියලයි... මම මගේ පියා ගැන මට ආඩම්බරයි.

මගේ පියා මම “ආන්දෝලාත්මක” ඡායාරූප සහ බොරු දදා සමාජ ජාලාවල පතුරුවපු මේ රටේ ටචජඥඡධධඬ චඤථඪද ලට මට කියන්න දෙයක් තියෙනවා. මතක තියාගන්න කර්මය හරිම බලගතු දෙයක්. අනුන්ට කරන දේ තමන්ට ආපස්සට වෙන්න පුළුවන් කියලා මතක තබා ගන්න. ඔබ කෙළසුවේ අහිංසක මනුස්සයෙකු ගේ චරිතය. කර්මය නොබෝ දිනකින් ඔබගේ දොරටත් තට්ටු කරාවි.

අවසානයට, මම Dr. Anna Barchetti Durisch ගෙන් මම සමාව ඉල්ලන්න කැමතියි. ඇයට අපහස කරපු දහස් ගණන් ශ්‍රී ලාංකිකයන්ට වඩා සේවයක් ඇය මේ රට වෙනුවෙන් කර ඇත.  ගෙදර පරිගණකයට මුවාවී “සටන්” කරන “කීබෝර්ඩ් විරයන්”ට වඩා ඇය මේ රට වෙනුවෙන් සේවය කර ඇත.

ඒ වගේ කීපදෙනෙක්ගේ මෝඩ වැඩ නිසා ඔබ මෙතුවක් කල් මෙ රටට කරපු සේවය නවතා නොදමයි කියා මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ රට ගැන ඔබට තියෙන ගරුත්වය ආදරය අඩු නොවේවා කියා මා ප්‍රාර්ථනා කරමි.

මේ ඡායාරූපයේ පළ කළ අයගේ ච්ෙතනාව කෙසේ වුවත් මට කීමට ඇත්තේ මගේ පියා පිළිබඳව මගේ පවු‍ලේ සහ මගේ හිතේ තිබුණ ඔහු කෙරෙහි ගෞරවය තව තවත් වැඩි වීමක් මිසක අඩු වීමක් සිදු නොවන බවයි.
තවත් වැදගත් දෙයක් කියන්න අවසරයි. මේ ඡායාරූප පළ කළ සියලු කාට කාටත් බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි

 

  1. සහරාන් මැරෙන්නට කලින් සිව් හැවිරිදි දියණීය අපයෝජනය කරලා
  2. සරසවියෙන් හමුව පොලිසියට ගෙනා සැකකටයුතු උපකරණය, සිම්පත් හා බුර්කා ඇඳි කත
  3. හැටපස් වියැති කාන්තාව මැරුවයි සැකපිට 48 හැවිරිදි අනියම් සැමියා අත්අඩංගුවට
  4. පුතා සිරියාවේ සැපෙන් ඉන්නවා - IS ප්‍රබලයකුගේ මව් පියන් CIDයට කියයි
  5. අල්ලස් නොදුන් රියදුරාට බොරු නඩු දැමූ අධිකරණයේදී හිර වෙයි
  6. ආරක්ෂාව තහවුරු බව රටට කියූ දේශපාලකයින්ගේ දරුවන් පාසල් එවපු හැටි
  7. බියටපත් මදූෂ් හතරවෙනි තට්ටුවේදී හඬා වැටෙමින් ඉල්ලපු ඉල්ලීම
  8. ශැන්ග්‍රිලා බෝම්බයෙන් මිය ගිය ඩෙන්මාර්ක ධනවාතාගේ දරුවන් අවසන් ගමන් යයි
  9. උපේක්ෂාගෙන් CIDයට පැමිණිල්ලක්
  10. ආදරය කරලා වෛරක්කාරයෝ වෙනවාට වඩා යාළුකම හොඳයි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.