lakbima.lk

 

“සැමියා රත්මලානෙ වැඩ කරන්නෙ. වැඩට ගිහින් දවස්‌ හතරකින් පහකින් ගෙදර ආවා. මගුල් ගෙදරක යන්න තියෙනවා කීවා. මමම තමයි බස්‌ එකට ගිහින් ඇරලුවේ. එහෙම ගියාට පස්‌සෙ දෙවැනි ගමනටත් යන්න තියෙනවා කීවා. මම ගෙදර එන්න කීවා. ආවේ නෑ. පසුවදාත් එන්න කීවා ආවේ නෑ. පස්‌සෙ වහ කුප්පියක්‌ ගෙනත් දරුවන්ටත් දී වහ බිව්වා.“ යැයි වස ශරීරගතවීම හේතුවෙන් මියගිය දාසින් ගෙදර මනීෂා බිෂාදී බණ්‌ඩාර (04) නම් සිව් හැවිරිදි දැරියගේ මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් දරුවන්ට වස පොවා සියදිවි හානිකර ගැනීමට තැත්කළ මවක් පැවසුවාය.
 
ගිරිතලේ යාය එක බණ්‌ඩාර නිවසේ ඩී. ජී. නදීශා ප්‍රියදර්ශනී හේමසිරි (32) පොළොන්නරුව මහේස්‌ත්‍රාත් අසේල ද සිල්වා මහතා ඉදිරි තවදුරටත් මෙසේ පැවසීය.
 
“ ජයන්තිපුර කෘමිනාශක අළෙවි කරන කඩේකින් රුපියල් 380 ක්‌ දී වහකුප්පියක්‌ අරගෙන ආවා. ඒක කෝප්පයකට දා දියකර ළමයින්ගෙන් ඇහුවා තාත්තා අපට ආදරේ නෑ ඔයාල මොකද කරන්නෙ කියලා. ළමයි කීවා අම්මා වහ බොනවා නම් අපටත් දෙන්න කියලා. ඊට පස්‌සෙ කෝප්ප තුනකට වක්‌කර දුන්නා මමත් බිව්වා.“
 
පොළාන්නරුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ය පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කළ අතර ශරීරයේ කොටස්‌ වැඩිදුර පරීක්‍ෂණ සඳහා රජයේ රස පරීක්‍ෂකවරයා වෙත යවන ලෙස දැනුම් දුන්නාය.
 
මින්නේරිය පොලිසිය‌ වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.


  

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.