lakbima.lk

තමා ඩුබායි රාජ්‍යයට පැමිණියේ අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා වෙනුවෙන් යමක් සිදුකළ හැකි නම් ඒ වෙනුවෙන් යමක් කිරීමට බව නීතීඥ උදුල් ප්‍රේමරත්න පවසයි. ෆේස්බුක් ඔස්සේ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

තමා මාකදුරේ මධූෂ්ව හඳුනන බවත් මීට වසර 9කට පෙර කොලඹ CRP බන්ධනාගාරයේ J2 වාට්ටුවේදී මාස 4කට වැඩි කාලයක් ඔහු සමග ගතකර ඇති බව එහි සඳහන් කර ඇත.

“මෙච්චරයි කතාව.මම ඩුබායි ආවා. ඒ අමල් හා නදීමාල් වෙනුවෙන් කරන්න යමක් තියෙනව නම් කරන්න. එපමණයි.
ලංකාවේ ඉන්න සමහර ගෝතයො වගේ "ඔබට මධූෂ් හමුවී තිබේද වගේ ප්‍රශ්නයක් කෙනෙක් ඇහුවොත් මම නම් ඇඹරෙන්නේ නැහැ. උඹ හොදටම දන්නව ඒක..

මට මධූෂ් හමුවී තිබේ පමණක් නොව ඔහු සමග  අඩි 6යි10යේ එකම කාමරයේ එකම බත් පත කමින් මාස 4කට වැඩි කාලයක් ගත කර තිබේ කියල මම කියනවා. ඒ කොයි කාලෙද , කොහේදිද ඇහුවොත් මීට වසර 9කට පෙර කොළඹ CRP බන්ධනාගාරයේ J2 වාට්ටුවේදී බව මම කියනවා.

ඇත්තටම ගත්තොත් අමල් අඳුරනවට වඩා වැඩි කාලයක් මම මධූෂ් අදුරනවා.මට හොඳටම පුලුවන්කම තිබුණා මේ case එකේදි කාටවත්ම නොදන්වා ඩුබායි ඇවිත් මධූෂ් ගලවන්න සම්බන්ද වෙන්න. නමුත් මම හිතනව එහෙම කළ යුතු නැහැ කියලා. මොකද වැරදි කරුවෙකුට විශේෂයෙන් මෙවැනි ආකාරයේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ද හා මිනී මැරීම් ඇතුලු බරපතල ගනයේ අපරාද සම්බන්ද චෝදනා එල්ලවූ අයෙකුට නීති තර්ක යොදාගෙන ගලවා ගැනීම කළ යුතුයි කියල මම විශ්වාස කරන්නෙ නැහැ. මම කරන්නෙත් නැහැ. උපරිම දඩුව්ම් දිය යුතුමයි.“

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.