lakbima.lk

 

සිල් මෑණියක (43) රංචු ගැසී දූෂණය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ භික්ෂුවක් සහ භික්ෂුවගේ රියදුරා  පෙබරවාරි මස 1 දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු  ජානක සමරසිංහ මහතා අද (23) නියෝග කළේය. සැකකාර රියදුරා එදිනට හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙස මහේස්ත‍්‍රාත්වරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට ද වැඩිදුරටත් නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගර ගත කෙරුණේ පදවිය ප‍්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධීපති භික්ෂුවක් සහ රියදුරෙකි. රිමාන්ඩ් බාරයට පත් කෙරුණු මෙම සැකකාර භික්ෂුව පදවිය සංචාරක මහේස්ත‍්‍රාත් අධිකරණය  හමුවේ පවතින ළමා අපයෝජන නඩුවකද විත්තිකරුවෙකි. සිද්ධියට මුහුණ පෑ සිල් මෑණියන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අනුරාධපුර රෝහලේ සිට රාගම මහ රෝහලට යොමුකර ඇත.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ පොලිස් සැරයන් (31486) ලලිත් නන්දසේන මහතා සඳහන් කළේ පසුගිය 16 වැනි දා මෙම සිල් මෑණියන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ පැවැති වෛද්‍ය සායනයකට පැමිණි අවස්ථාවේ, දූෂණයට ලක්ව ඇති බවයි. අනතුරුව සැකකරුවන් සිල් මෑණියන් මෝටර් රථයකින් අනුරාධපුර මාර්කට් පෙදෙස අසළ දමා ගොස් තිබෙනවා.

පසුව සිල් මැණියන් බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරිනියක සමඟ අනුරාධපුර පොලිසියට පැමිණි මේ පිළිබඳව පැමිණිලි කළ බවද  අධිකරණයට සැල කළ සැරයන්වරයා සැකකරුවන්  සිදුකර ඇති බව කියන මෙම අපරාධය පිළිබඳව ජනතාව කෝපයටත් කම්පාවටත් පත්ව ඇති බවත්  පැවසීය.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.