lakbima.lk

මගේ මිතුරිය මා සිටි තැනට වඩා මීටර් හතරක් පහක් විතර ඈතින් හිටියේ. ලෝකාන්තය නරඹන තැන කොන්ක‍්‍රීට් ආවරණයක් තියෙනවා. ජූලියා ඒ කොන්ක‍්‍රීට් ආවරණයට එහායින් හිටියේ. ජුලියා හිටි තැන තිබූ පස් තට්ටුව එකපාරටම ගැළවිලා ජූලියා කරකැවිලා පහළට වැටුණා.   

ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ජර්මන් ජාතික තරුණියන් දෙදෙනකුගෙන් එක් තරුණියක් ලෝකාන්තයෙන් ඇද වැටී මිය යෑමේ සිද්ධිය ඇසින් ¥ටු ජර්මන් ජාතික හෙදියක වන නිනෙට්  රෙබියා (39) තරුණිය පෙරේදා (13දා)  පැවැති මරණ පරීක්ෂණයේ දී පැවැසුවාය.

මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ජර්මන් ජාතික හෙදියක වන ජූලියා එල්ගා (35) නමැති තරුණියකි.

මේ පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය බළන්ගොඩ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ පැවැති අතර බළන්ගොඩ බෙලිහුල්ඔය කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක බී.එම්.එම්.කේ. සෙනෙවිරත්න මහතා ඉදිරියේදී පැවැත්විණි.

එහිදී සාක්ෂි කාරිය  මෙසේ ද කීවාය. 

මම ජර්මනියේ අයිසන්බාන් පාරේ වේස්බුක්හි පදිංචි වෙලා ඉන්නවා. හෙද නිලධාරිනියක් ලෙස ජර්මනියේ යුනිවසිටි කියන රජයේ රෝහලේ සේවය කරනවා. මම ක‍්‍රිස්්තියානි ජාතිකයෙක්.  අප දෙදෙනා පසුගිය (03දා) වනදා ලංකාවට ආවා. අපි මුලින්ම ඉන්දියාවට ඇවිල්ලා චෙන්නායි හරහා ලංකාවට ආවා. ඊට පස්සේ ලංකාවේ සුන්දර ස්ථානයක් නැරඹීමට ගියා. මහනුවර, සීගිරිය, ත‍්‍රිකුණාමලය, නිලාවේලි ගිහින් (10* වනදා නුවරඑළියට ආවා. එදින නුවරඑළියේ හෝටලයක නතර වෙලා පසු දා (11දා) උදෑසන 06.30 ට පමණ හෝර්ටන්තැන්නට ආවා.

එහිදී අපි ටිකට් අරගෙන ලෝකාන්තය බලන්න ආවා. ඒ බලමින් සිටින අතරේදී තමයි මේ අනතුර වුණේ්.

ඊට පස්සේ පට්ටිපොළ පොලීිසියෙන් මට කීවා බළන්ගොඩ රෝහලට යන්න කියලා. ඒ අනුව (11වනදා) රාත‍්‍රි බළන්ගොඩ රෝහලට ආවා. නමුත් මළ සිරුර ගෙනත් තිබුණේ නැහැ. පසුව මමත් මගේ රියැදුරු මහතාත් බළන්ගොඩ තානායමේ නතර වුණා.  යුද හමුදා නිලධාරීන් සහ වනජීවි නිලධාරීන් ජූලියාගේ සිරුර සොයන බව මා දැන ගත්තා (13දා) උදෑසන මට දැන ගන්නා ලැබුණා ජූලියාගේ සිරුර බළන්ගොඩ මූලික රෝහලට ගෙන ආ බව. එහිදී මා ජූලියා හඳුනා ගත්තා.

විදේශිකයන් වන අපෙන් විශාල මුදලක් අය කරගෙන ලෝකාන්තය බලන්න අවස්ථාව දුන්නත් අපි පිළිබඳව නිසි  ආරක්ෂිති වැඩපිළිවෙළක් එහි නහැ. අඩුම තරමින්  ආරක්‍ෂක නිලධාරීන් හෝ එහි සිටිනවානම් මෙවැනි අනතුරු සිදුවීම වළකිනවා.

මොවුනගේ රියැදුරු ලෙස සේවය කළ තිස්සමහාරාම පදිංචි අකුරුගොඩ පදිංචි මහමරක්කලාගේ නීල් පේ‍්‍රමතිලක මහතාද මෙහි දී සාක්ෂි දුන්නේය.

මම වසර විස්සකට වඩා වැඩි කාලයක සිට විදේශීිය සංචාරකයන් එක් කර ගෙන යනවා. මෙහෙම සිද්ධියක් වූ පළමු අවස්ථාව මෙය තමයි. මා සමඟ හෝර්ටන්තැන්නට ගිය තරුණියන් දෙදෙනා තනියම ලෝකාන්තය බලන්න ගියා. ටික වේලාවකදී වනජීවි කාර්යාලයට පණිවිඩයක් ලැබුණා ජර්මන් කාන්තාවක් ලෝකාන්තයෙන් පහළට වැටී ඇති බව. මම වහාම ඒ අය සොයා ලෝකාන්තය දෙසට ගියා. ඒ වන විට ජූලියාගේ මිතුරිය නිනෙට් හඬමින් හෝර්ටන්තැන්න දෙසට ඇවිත් කීවා ජූලියා පහළට වැටුණා යැයි කියා. 

මිය ගිය ජූලියාගේ මළ සිරුර සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණය බළන්ගොඩ මූලික රෝහලේදී ඊයේ  (14දා) පැවැත්වීමට නියමිතව තිබිණි.  බළන්ගොඩ පොලීිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති දමිත් ජයකොඩි මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් (39448) නුවන්, පට්ටිපොළ පොලීිසියේ සැරයන් (67930) රූපසිංහ යන සැරයන්වරු සාක්ෂි මෙහෙය වූහ.

සරත් වීරවංශ - බළන්ගොඩ

Page 1 of 98

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.