lakbima.lk

සුරංග ලක්මාල්ට බගවන්තලාවේදී උණුසුම් පිළිගැනීමක්

ශ්‍රි ලංකා ක්‍රිකට්  කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රිඩක සුරංග ලක්මාල්ව බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන් හා තරුණයන් විසින් ඊයේ (03) උණුසුම් අයුරින් පිලිගනු ලැබීය.

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව සෙන් මේරිස් විදුහලට වසර 100 සපිරිම නිමිත්තෙන් එම විදුහලේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සංවිධානය කර තිබු සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රිඩාවලියේ සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සුරංග ලක්මාල් මහතා ඊයේ සහභාගි විය.

බගවන්තලාව නගරයේදි සුරංග ලක්මාල් මහතාව වතු කම්කරුවන් සහ වතුකරයේ තරුණයන් විසින් පිලිගෙන පෙලපාලියක් මගින් සෙන් මේරිස් විදුහල දක්වා කැදවාගෙන ගොස් එහිදි ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුරංග ලක්මාල් මහතා දක්වන දායකත්වය වෙනුවෙන් උපහාර පිදිමක්ද සිදු කරනු ලැබීය.

එම අවස්තාවට හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ උසස් නිලධාරිහු රැසක් සහභාගි වි සිටියහ.

රංජිත් රාජපක්ෂ - හැටන්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.