lakbima.lk

රතන හිමි සමග මහ මළුවේ අප්‍රසිද්ධියේ උපවාස කළ හින්දු පූජකතුමා රෝහල් ගතකෙරේ

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා ආණ්ඩුකාරවරුන් වන අසාත් සාලි, එම්.ඒ.එල්.එම්.හිස්බුල්ලා යන අය සිය ධුරයන්ගෙන් නෙරපන ලෙසට ඉල්ලීම් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලිය රතන නාහිමියන් ආරම්භ කළ උපවාසයට සහයෝගය පළ කරමින් උන්වහන්සේ සමග මහනුවරදී උපවාසයේ නිරතවූ හින්දු පූජකවරයෙකුද රොහල්ගතකර තිබේ.

මධ්‍යම පළාත් ප්‍රධාන හින්දු පූජක නිල්ලඹ හරිදෙව් එස්. ප්‍රභා කුරුක්කල්තුමාද වැඩි ප්‍රසිද්ධියක් නොමැතිවම රතන හිමි සමග උපවාසයේ නිරවූ අතර ස්වාමින්වහන්සේ උපවාසය අත්හළ පසු කුරුක්කල්තුමාද උපවාසය අත්හැරීමත් සමග ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට ඇතුලත් කර ඇත.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.