lakbima.lk

අන්තර්ජාලය කළඹලා ආශාවරීගේ වීඩියෝව ලීක් වුණ හැටි

මම දැන් වසර හතක විතර කාලයක් තිස්සේ facebook ගිණුමක් පවත්වාගෙන යනවා. ඔය කාලය තුළ facebook නිසා විවිධ විදියේ අත්දැකීම් වලට මුහුණ දෙන්න මට සිදු වෙලා තියෙනවා. විවිධ පුද්ගලයන්ගේ ආදර යෝජනා, විවාහ යෝජනා විතරක් නමෛයි විවිධාකාර මානසික මට්ටම්වල ඉන්න අයගෙන් නොයෙක් විදිහේ පණිවුඩත්   facebook හරහා ඇවිත් තියෙනවා. රසිකයන් විදයට මම අදහස් දක්වන හැමෝටම  මම අඩුම තරමින් Thanks කියලා හෝ පිළිතුරු දුන්නට මේ කිව්ව විදියේ පණිවුඩ එවන අයට නම් කිසිම පිළිතුරක් යවන්නේම නැහැ. ඒ විදියට දිගින් දිගට කරදර කරන අයව මගේ facebook ගිනුමෙන් Block  කරලා දාන එක තමයි කරන එකම දේ.

මුහුණු ‍පොත හරහා ඔය විදියේ පුංචි පුංචි සිදුවීම්වලට අමතරව කවදාවත් අමතක නොවෙන එක් ප්‍රබල සිදුවීමකටත් මම  මුහුණ දීලා තියෙනවා. ඒක හරියට පැය කීපයක් තුළ සිදු වූ මහා විප්ලවයක් වගෙයි මට දැණුනේ. මෙන්න මේකයි ඔය කියන සිදුවීම.

මීට ටික කාලයකට කලින් “ආශාවරීගේ වීඩියෝවක් ලීක්වේ” කියලා මගේ හැඩරුවට බොහෝ සමාන යුවතියකගේ සම්පූර්ණයෙන්ම නිරුවත් ඡායාරූපයක් facebook හරහා Share  වෙන්න පටන් ගත්තා. ඒ   Post එක කොයි තරම් වේගයෙන් පැතිරුණාද කියනවා නම් පැයක් තුළ 2000ක් පමණ දෙනා ඒක Share කරලා තිබුණා. ඒක දැකපු මගේ හිතවතුන් දිගට හරහට Call දීලා ඒ ගැන අහන්න ගත්තා.

ය අතරේ ඔය කියන Post  එකට බලාගෙන ඉද්දී දහස් ගණනින් ඛිධථථඥදබ වැටෙනවා. ඔය අතරේ ටික දෙනයි අහන්නේ “මේ ඔයාමද” කියන ප්‍රශ්නේ. බහුතරයක් තීරණය කරලා ඉවරයි ඒ පින්තූරේ ඉන්නේ මමයි කියලා. ඒ අය රචනා වගේ දිගට හරහට ලියලා එවන Comment  වල සඳහන් වන විදියට මම තමයි ලෝකේ ඉන්න ලොකුම පව්කාරිය. ඒ වෙලාවේ ඒ අයගේ විවේචන වලට මගේ හිත රිදුනේ නෑ කිව්වත් ඒක වැරදියි. ඒවා බලලා මම පුදුමාකාර විදියට හිත රිදවා ගත්තා.

හැබැයි මට මා ගැන ලොකු ආත්ම විශ්වාසයක් තිබුණා. මොකද ඒ ඉන්නේ මම නොවන බව දන්නා නිසා. මගේ නිර්දෝෂි භාවය ගැන මම හරියටම දන්න නිසා මම ඒ සිදුවීම පසුපස ගියා. අදාළ තැන් වලට පැමිණිලි කළා. ගත යුතු පියවරත් ගත්තා.

කොහොම කොහොම හරි සිද්ධිය වෙලා පැය 4ක් යන්න කලින් මගේ පෙම්වතා අන්තර් ජාලය පීරලා පින්තූර අයත් Original Video එක හොයා ගත්තා.

ඒකේ ඉන්නේ මගේ පෙනුමට ගොඩක් සමාන ලතින් ගැහැණු ළමයෙක්. ඒ Video එකේ පින්තූර කැප්චර් කරලා තමයි කවුරු හරි අන්තර්ජාලයට මුදා හැරලා තියෙන්නේ. ඒ මොහොතේම අපි ඒ මුල් Video WY facebook  හරහා Share කළා.

පැය හතරක් යන්න කලින් මට මගේ නිර්දෝෂි භාවය ඔප්පු කරන්න හැකිවුණා. මගේ සමීපතමයන් වගේම, තාක්ෂණයේ බල මහිමයෙන් අද ලෝකයේ මේ වගේ දේවල් විය හැකි බව වටහාගත හැකි බුද්ධිමත් අය ඒ වෙලාවේ මම නිර්දෝෂියි කියලා තේරුම් ගත්තා. ඒත් හැමෝම එහෙම නැහැනේ. නිතරම මිනිසුන්ට බණින, කාට හරි ඇඟිලි දිගු කරලා නැති වැරදි මතු කරන අය අපේ සමාජයේ සුලබයි. මං හිතන්නේ ඒ වගේ මිනිස්සු වැඩි පුරම ඉන්නේ ලංකාවේ වෙන්න ඇති. ඒ වගේ අය Original Video එක  දැක්කට පස්සේවත් තමන්ගේ පහත් ප්‍රතිචාර ගැන කනගාටු වුණාද කියන්න මම දන්නේ නැහැ. නිර්දෝෂි බව ඔප්පු වුණාට පස්සෙත් දිගටම මට ඇඟිලි දිගුකළ අයත් සමහර විට ඒ අය අතර ඉන්න ඇති.

මට ලොකු මානසික කම්පනයක් ඇති කළ ඒ සිදුවීමට මුල්වුණේ කවුද කියලා මම හොයලා බැලුවා. ඒත්  facebook   කියන්නේ අතිශය සංකීර්ණ ජාලයක්. ඒ වගේ තැනක මේ විදියේ වැරදි වැඩ කරන අය හොයා ගන්න එක පිදුරු ගොඩක වැටුණ ඉදිකටුවක් හොයනවා වගේ අමාරු වැඩක්. මේ වැඩේට මුල්වුණ අය කවුද කියලා  අදටත් මං  දන්නේ නැහැ. මේ විදියේ පහත් වැඩ කරලා, අනිත් අයව මානසිකව පීඩාවට පත්කරලා තෘප්තියක් ලබන විදිහේ විකෘති මානසික මට්ටම් ඇති අයට කාගෙන්  ගැළවුණත් සොබාදහමින් නම් ගැළවෙන්න බැහැ. කවදා හරි දවසක ඒ අය කළ කර්මවල ප්‍රතිඵල ඒ අයට අත් විඳින්න වෙනවාම තමයි.

ආරියවංශ කුලතිලක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.