lakbima.lk

බීමතින් රිය පැදවු ලාල් කාන්තට එක නීතියක් දිමුත් කරුණාරත්නට තවත් නීතියක් පොලිස්පතිගේ අවධානය

බීමතින් රිය අනතුරක් සිදු කිරිම සහ තුවලා ලැබූ රියදුරා රෝහල් ගත කර සිටියදී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මහතාට බොරැල්ල පොලීසිය විසින් පොලිස් ඇප ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරායාගේ අවධානය යොමුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කර සිටී.

මෙසේ ඔහුට පොලිස් ඇප ලබා දීමේදී රථවාහන කොට්ඨාශය බාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැනුවත් කර නොමැති බවද පොලිසිය පවසයි. බොරැල්ල පොලීසිය මගිනි ඇප මත මුදා හළ දිමුත් කරුණාරත්න මහතාට කොළඹ රථවාහන මහේස්ත්‍රාත් අධිකරණයේ අද පෙනීසිටින ලෙස දැනුම් දී ඇත.

මීට පෙර මෙලෙස බීමතින් රිය පදවා අනතුරක් සිදුකළ ජනාතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී.ලාල් කාන්ත මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. ශ්‍රී ලංකා පොලීසිය එකිනෙකාට වෙනස් ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නීතිශේෂ්ත්‍රය තුළ කතාබහට ලක්වෙමින් පවති.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.