lakbima.lk

ට්‍රැෆික් එකට හසුව පමාවී උසාවියට ආ ගෝඨා නිසා ලබන නඩුවාරයේ සිට හැමෝටම වෙන දේ

වීරකැටිය, මැදමුලන ප්‍රදේශයේ ඩී. ඒ .රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන තිස් හතරකට ආසන්න රජයේ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල කරමින් නීතිපතිවරයා විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව අද (11) කැඳවූ අවස්ථාවේ, නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයේ පෙනී නොසිටි අතර නඩුව ආරම්භ වී සුළු වේලාවකින් ඔහු අධිකරණයට පැමිණියේය.

මාර්ගයේ පැවති අධික වාහන තදබදය හේතුවෙන් ඔහුට නිසි වේලාවට අධිකරණයට පැමිණීමට නොහැකි වූ බව ඔහුගේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියහ.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය වෙත ඉල්ලීමක් කරමින් විත්තිකරුවන්ට නිසි වේලාවට අධිකරණය පෙනී සිටින මෙන් අවවාදයක් කරනමෙන්  එහිදී ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සියලුම විත්තිකරුවන් නිසි වේලාවට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අවවාද කළේය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.