lakbima.lk

මුතුරාජවෙල වන සංහාර සහ කිඹුල් දඩයම ජයටම

වත්මන් දේශපාලන අර්බුදය අතරේත් මුතුරාජවෙල ආශ්‍රිත මහා පරිමාන වන සංහාර අනවසර ගොඩකිරීම් සහ මීගමු කලපුව ආශ්‍රිත කිඹුල් දඩයම ශීඝ්‍රයෙන් ඉහළ නැංවී ඇති බව ප්‍රදේශවාසීහු කියති. මුතුරාජවෙළ සිදුවන මහා පරිමාණ පරිසර සංහාර සම්බන්ධයෙන් නිරන්තරව ලැබුණු පැමිණිලි මත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය කාලයේ එහි ගොස් අනවසර ගොඩකිරීම් ඇතුළු සියලු පරිසර සංහාර වැලැක්වීමට කටයුතු කළද ඉන් කිසිදු ප්‍රයෝජනයක්  අත්වී නැතැයි ප්‍රදේශවාසීහු කියති. 

මේ අතර පසුගිය කාලයේ කිඹුලෙකු විසින් කාන්තාවක සපා කන ලදැයි යන පුවත මුල් කොට දඬුගම්ඔය මෝය, ජාඇල මෝය, හැමිල්ටන් ඇළ සහ මීගමු කළපුව ආශ්‍රිත කිඹුල් දඩයමක් සිදුවන අතර මේ වන විටත් එම කලාපයේ කිඹුල් පැටවුන් සලිකිය යුතු ප්‍රමාණයක් මරා දමා ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

 

මේ අතර එම කාන්තාව සපා කෑ බවට සැක කෙරෙන බව පවසමින් එක් කිඹුලෙකු මරා දැමූ පුද්ගලයන් පසුගිය සතියේ පමුණුගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට පත් කොට දඩද නියම කොට තිබූ නමුත් මෙම පරිසර අපරාධ තවමත් ඉහළ මට්ටමක පවතින බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

එමෙන්ම මුතුරාජවෙල අභය භූමිය මධ්‍යයේ යම් යම් ස්ථාන වල ලෑලි වලින් කුඩා ආවරණ ඉදිකොට ඒ සඳහා යාමට අඩි පාරක් ලෙස හඳුන්වමින් සුළු පරිමාණයෙන් කරනු ලබන ගොඩකිරීම් කල්යත්ම ටිපර් රථ යාමට හැකි පරිදි ගොඩකොට එම ටිපර් රථ වලින් ගෙනෙන පස් වලින් එම තෙත් බිමේ විශාල පුදේශ ප්‍රමාණයක ගොඩකරන බව ප්‍රදේශවාසීහු කියති.

 

මේ සඳහා මෙරට ප්‍රකෝටිපති ව්‍යාපරිකයකු සහ ඔහුගේ සහචරයෙකු වශයෙන් සැලකෙන පුද්ගලයකු මුල්වී ක්‍රියා කරන අතර එම පුද්ගලයා මීට පෙර මුතුරාජවෙල වන අපරාධ සම්බන්ධයෙන් දඬුවම් ලැබූ පුද්ගලයකු බවද කියනු ලැබේ.

ප්‍රසංග පෙරේරා - ජා ඇල

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.