lakbima.lk

අරංගල 'සම්බාහන ආයතනයක' කළමනාකාරිය ඇතුළු 03 ක් කොටුවෙති

මාලබේ අරංගල ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලක ආයුර්වේද සම්බාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ලිංගික කටයුතු සඳහා කාන්තාවන් මුදලට සැපයීමේ මධ්‍යස්ථානයක් වටලා එහි කළමනාකාරිනිය ඇතුළු කාන්තාවන් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය ‍පොලීසිය පවසයි.
මෙම ස්ථානයේ ගණිකාවන් සැපයීමේ කටයුත්තක් සිදු වන බව දිගින් දිගටම අතුරුගිරිය ‍පොලීසියට ලද තොරතුරු අනුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් සමගින් උපාය දූතයකු යොදවා රුපියල් දහසක මුදලකට කාන්තාවක් මිලදී ගැනීමට කටයුතු කර එම කාන්තාව සඳහා මුදල් ලබා දී කාත්නාව උපාය දූතයා සමගින් යාමට පැමිණි අවස්ථාවේදී මෙලෙස එහි කළමනාකාරවරිය යැයි කියනු ලබන කාන්තාව සහ අනෙක් කාන්තාව අත්අඩංගුවට ගත් බවත් පසුව එහි රැඳී සිටි තවත් කාන්තාවක් ද සැකපිට අත්අඩංගුවට ගත් බව ‍පොලීසිය පවසයි.
අත්අඩංගුවට පත් වූ කාන්තාවන් බිබිල මැදගම ගම්පහ කිරිඳිවැල සහ මහරගම ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 30ත් 45 ත් අතර අය වන බව ද ‍පොලීසිය පවසයි.
මෙම සම්බාහන මධ්‍යස්ථානය මීට පෙර ද අවස්ථා කිහිපයකදී අතුරුගිරිය ‍පොලීසියෙන් වටලා ලිංගික කටයුතු සඳහා කාන්තාවන් ලබාදීම යටතේ කාන්තාවක් කිහිපදෙනකුම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බව ද ‍පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාරියන් තිදෙනා කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
අතුරුගිරිය ‍පොලීසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති, ‍පොලිස් පරීක්ෂක අසංක ප්‍රේමලාල්, ‍පොලිස් කොස්තාපල්වරුන් වන (40631), දිල්ෂාන් (92605) චතුරංග, කාන්තා ‍පොලිස් කොස්තාපල් (5488) නිලක්ෂි යන නිලධාරීහු වැටලීම සිදු කළහ.

හෝමාගම - නිසල් යොවිඳු
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.