lakbima.lk

අනුරපුර අසරණ සුනඛයන්ට මිරිසවැටි නාහිමිගෙන් පිළිසරණක්

අනුරාධපුර පුජා නගරය අවට ජීවත්වන නිවාස අහිමි සුනඛයන් විවිධ හිංසා පීඩා වලින් ගලවා ගැනීමේ පියවරක් ලෙස තාවකාලික රැකවල් හළක් තනා ඔවුන් එහි රඳවා තැබීම කෙරෙහි මිරිසවැටිය රජමහා විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමිපාණන්ගේ අවධානය යොමුව තිබේ. උන්වහන්සේ මෙම තීරණයට එළැඹ ඇත්තේ අනුරාධපුර පූජා නගරය අවට වෙසෙන නිවාස අහිමි අසරණ සුනඛයන් හට විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වන හිංසාකාරී ක්‍රියා සම්බන්ධයෙන් අවිහිංසාවාදී සහ සත්ව හිමිකම් සංවිධාන විසින් කරුණු පෙන්වා දීමෙන් අනතුරුවය.

එහිදී සැලකිය යුතු ඉඩ කඩක් සහ මනා වාතාශ්‍රයක් සහිත භූමියක ආහාර පාන සේම සෞඛ්‍යාරක්ෂිත පහසුකම් සැලසෙන පරිදි එම තාවකාලික රැඳවුම් හළ තුළ අසරණ සුනඛයන් රඳවා තැබීමට තමන් වහන්සේ අපේක්ෂා කරන බව ඥානතිලක හිමියෝ කියති.

මෙහිදී ‘අහිංසා ශ්‍රී ලංකා’ සත්ව හිමිකම් හා සුභ සාධන සංවිධානය, ‘අනුරාධපුර සුනඛ මිතුරු සංසදය’ යන සංවිධාන සමඟ තමන් වහන්සේ මුලික කතා බහක යෙදී ඇති අතර ඒ සඳහා සුදුසු භූමි භාගයක් වෙන් කර දීම කෙරෙහි සුනඛ මිතුරු සංසදයේ විශේෂ අවධානය යොමුව ඇති බවත් ඥානතිලක හිමියෝ කියති.

 

එහිදී අදහස් දැක්වූ අනුරාධපුර සුනඛ මිතුරු සංසදයේ සභාපති නීතිඥ එච්.බී. රත්නායක මහතා කියා සිටියේ හැකි තාක් ඉක්මනින් අදාළ භූමි භාගය වෙන්කර ගැනීමෙන් පසුව එම රැකවල් හලෙහි කටයුතු මේ වසර තුළම ඇරඹීමට අපේක්ෂා කරන බවයි. 

තිලක් සේනාසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.