lakbima.lk

අපිට මොකද වෙන්නේ දේශපාලකයෝ දෙවියන්ගෙන් අසති

පසුගියදා ජනාධිපතිවරයා විසින් ගත් තීන්දු තීරණවලට අනුව රට තුළ ඇති වී තිබෙන දේශපාලන අස්ථාවරභාවය නිසා හිටපු මැති ඇමැතිවරුන් මෙන්ම වර්තමාන ආණ්ඩුවේ මතෛක් ඇමැති ධූරයන් නොලැබුණු දේශපාලනඥයන් කිහිප දෙනෙකුම ඉදිරියේ ඇතිවිය හැකි දේශපාලන  තත්ත්වය පිළිබඳව කල්තියා අනාවැකි විමසා ගැනීම සඳහා අනුරාධපුරයේ පිහිටි ප්‍රබල දේවාලයකට පැමිණ රැයපුරා තම වාරය පැමිණෙන තුරු බලා සිටින බව වාර්තා විය.
අනුරාධපුර නගර ආසන්නයේ පිහිටි හාස්කමින් පිරි දෙවොලක් බවට බොහෝ පිරිසක් විශ්වාස කරනු ලබන මෙම දෙවොලට රටේ සිදු වූ බල පෙරළියත් සමග අනාගතය කඩිනමින් දැක බලා ගැනීම සඳහා පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් පැමිණෙන බව වාර්තා වූ අතර පසුගිය දින කිහිපයේම එම ස්ථානයට මහින්ද රාජපක්ෂ අගමැතිට සහය දක්වන පිරිසක් පැමිණ සිටි බව දැන ගන්නට ලැබුණි.
ඉතා කිට්ටුවෙන් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ඇසුරු කරන ඔවුන් සුදු ඇඳුමින් සැරසී සිය අවස්ථාව පැමිණෙන තුරු නිදි වර්ජිතව අදාළ ස්ථානයේ රැඳී සිට ඇති අතර බල පෙරළිය පිළිබඳව පැවැසූ කිසිවක් අනාවරණය කර ගැනීමට “ලක්බිම”ට නොහැකි විය.
පසුගිය වසර කිහිපය පුරා අනුරාධපුර නගර ආසන්නයේ පිහිටි මෙම ස්ථානයට රටේ ප්‍රබල චරිත රැසක් අනාවැකි කල්තියා දැන ගැනීම සඳහා පැමිණ ඇති අතර එම අනාවැකියන් නිවැරැදිව පැවැසීම නිසා අදාළ ස්ථානය විශාල ප්‍රසිද්ධියකට පත්විය. ඒ හේතුවෙන් අදාළ ස්ථානයට රටේ ප්‍රබලයන්ගේ දැඩි ප්‍රසංශාව මෙන්ම වැඩි බුහුමන් ලැබුණූ බවත් වාර්තා විය. මේ වන විට අනුරාධපුර නගරයේ  පිහිටි ඓතිහාසිකව වැදගත් කමක් ඇති පූජනීය ස්ථානවලත් වර්තමාන රජයට සියලු පක්ෂවල සහය ලැබේවා කියමින් විවිධ කන්නලව් පවත්වා  පුද පූජාවන් පවත්වා තිබේ.

බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.