lakbima.lk

සිසුවාගේ හා සිසුවියගේ අසභ්‍ය හැසිරීම දැක ගුරුවරිය සිහිසුන් !

අනුරාධපුර නගරයේ මිශ්‍ර පාසලක ඉගෙනුම ලබන බාල වයස්කාර පාසල් සිසුවියක් හා සිසුවකු උදෑසන පාසල ආරම්භ කිරීමට පෙර පන්ති කාමරයක් තුළ සිදු කළ අසභ්‍ය ක්‍රියාකාරකමක් දැකීමෙන් ගුරුවරියක සිහිසුන් වූ පුවතක් වාර්තා වේ.  

අනුරාධපුර නගරයේ ප්‍රධාන පෙළේ මිශ්‍ර පාස‍ලක 10 වන ශ්‍රේණියේ ඉගෙනුව ලබන සිසුවකු හා 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක උදෑසනම පාසලට පැමිණ ඉතා අසභ්‍ය ආකාරයේ හැසිරීම් රටාවක නිරතවන අයුරු දුටු ගුරුවරියට ක්ලාන්ත ගතිය ඇති වී තිබෙන අතර ගුරුවරිය දුටු සිසුවා හා සිසුවිය පන්ති කාමරයෙන් පලාගොස් තිබුණි.

ඔවුන් දෙදෙනා පන්ති කාමරවලට සිසු සිසුවියන් පැමිණීමට පෙර උදෑසනින් එහි පැමිණ මෙලස අසභ්‍ය අන්දමින් හැසිරී ඇති බව වාර්තා විය. උදෑසන හතටත් පෙර සිසුවිය හා සිසුවා පන්ති කාමරය වෙත පැමිණ ඇති අතර ඔවුන් පන්ති කාමරය තුළට වී කුමක් කරන්නේ දැයි ගුරුවරිය නිරීක්ෂණය කර තිබේ.

පාසල් ජීවිතය තුළ පාසලක සිසු සිසුවියන් මේ ආකාරයෙන් හැසිරෙන බව සිතා ගැනීමට වත් නොහැකි වූ ඒම ගුරුවරිය ඒ දසුන දැකීමෙන් ක්ලාන්ත ගතියට පත් වී ඇති අතර පසුව ඇය වහාම ඒ පිළිබඳව ගුරුවර ගුරුවරියන් කිහිප දෙනකුට දන්වා තිබේ.

දැන් කලක සිට මෙම පාස‍ලේ විනය තදින්ම පිරිහී ගොස් ඇති බවට ගුරුවර ගුරුවරියෝ චෝදනා කරති.  විදුහල්පතිවරයාට ඒ පිළීබඳව ගුරුවරුන් පිරිසක් පැමිණිලි කළත් ඊට අවැසි කිසිදු ක්‍රියා මාර්ගයක් මෙතෙක් ගෙන නැතැයිද දෙමාපියන් සහ ගුරුවරු චෝදනා කරති.

බුද්ධික මහේස් විජේසූරිය, අනුරාධපුර

Comments  

+2 #1 Vathsyayan 2018-10-31 19:28
The solution is providing education that teaches the consequences of STD (VD), teen pregnancy, & distraction from studies causing bad educational results.
Quote
+2 #2 Sanath 2018-11-01 10:51
Dan hadena unta molamaruva vadi ekai me
Quote
+2 #3 s jayasnghe 2018-11-01 11:46
teacher ona wata wediya welawak meka diha balan hitiye mokatada kalanthe hedena thuru
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.