lakbima.lk

2018 සුමති සම්මාන ලැබු තරු පිරිවර

පුංචි තිරයේ මහා කලා මංගල්‍යය ලෙස සැලකෙන සුමති සම්මාන උළෙල පෙරේදා (29දා) රාත්‍රියේ අති උත්කර්ෂවත් ලෙස නිමාවට පත් වූයේ 2017 වසරේදී රූපවාහිනි මාධ්‍යය  ඔස්සේ  විශිෂ්ට  ප්‍රතිභාවක් ප්‍රකට කළ කලාකරුවන් සහ කලාකාරිනියන් සම්මානයෙන් අභිෂේක ගන්වමිනි. පසුගිය වසරේදී රූපවාහිනියෙන් විකාශය වූ සියලු  වැඩසටහන් ආවරණය වන පරිදි මෙවර සුමති සම්මාන උළෙ‍ලේදී සම්මාන පිරිනැමිණ. ප්‍රවීණ සිනමාවේදිනී සුමිත්‍රා පීරිස් මහත්මිය 23 වැනි සුමති සම්මාන උළෙ‍ලේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස එක්ව සිටියාය.
මෙහිදී උත්සව සභාව ඇමැතු සුමති සම්මාන උළෙ‍ලේ සංවිධායක කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පැවැසුවේ පසුගිය 23 වසර පුරා රූපවාහිනී මාධ්‍යයේ උන්නතිය උදෙසා වසරක් පාසා  ලබාදෙන  මිනුම් දඬුවක් ලෙස කටයුතු කිරීමට සුමති සම්මාන උළෙලට හැකි වූ බවයි.
යහපත් සමාජයක් බිහි කිරීම උදෙසා කලාකරුවන් විසින් ඉටු කරනු ලබන්නේ අමිල මෙහෙවරක් බවත්, එවැනි කලාකරුවන් වසර 23ක කාලයක් පුරා අඛණ්ඩව ඇගැයුමට පත් කිරීමට ලැබිම ගැන තමන් ඉතා සතුටට පත්වන බවද ඒ මහතා කියා සිටියේය.  කලාකරුවන්ට ඉදිරි කාලයේදීද උසස්  ප්‍රමිතියෙන් යුතු කලා නිර්මාණ බිහි කිරීමට උචිත පරිසරයක් බිහි වීමට නම් ඔවුන්ගෙන් බදු අය කිරීම්  අඩු විය යුතු බවද තිලංග සුමතිපාල මහතා පැවැසීය.  සිනමාවේ දියුණුවත් සමග රූපවාහිනි මාධ්‍යයේද  සීඝ්‍ර වර්ධනයක් ඉදිරි කාලයේදී ඇතිවෙන බවත්, එහිදී කලා නිර්මාණවල ප්‍රමිතිය පවත්වා ගැනීම කලාකරුවන්ගේද වගකීම වන බවත් ඒ මහතා වැඩිදුරටත්  කියා සිටියේය.
රූපවාහිනි නාලිකා විසින් ඉදිරිපත් කරන ලද ගායන සහ නර්තනාංග ඇතුළු විශේෂාග රැසකින් මෙවර සම්මාන උළෙල වර්ණවත් විය. ඩයලොග් ආසිආටා සමාගම 23 වැනි සුමති සම්මාන උළෙ‍ලේ ප්‍රධාන අනුග්‍රහකයා ලෙස කටයුතු කළේය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.