lakbima.lk

පුංචි තිරයේ මහා කලා මංගල්‍යයට සියල්ල සූදානම්


පුංචි තිරයේ මහා කලා මංගල්‍යය හෙවත් සුමති සම්මාන උළෙල අගෝස්තු 29 වැනිදා සවස නෙළුම් ‍පොකුණ රඟහ‍ලේදී 23 වැනි වරටත් අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. 2017 වසරේදී රූපවාහිනි මාධ්‍යයෙන් විකාශය වූ සියලු වැඩසටහන් ආවරණය වන පරිදි, එම වසරේ පුංචි තිරය ඔස්සේ සුවිශේෂී ප්‍රතිභාවක් ප්‍රකට කළ කලාකරුවන් සහ කලාකාරියන් ඇගැයුමට ලක්කරමින් සම්මාන 60කට අධික සංඛ්‍යාවක් මෙවර පිරිනැමේ. මේ සඳහා වන නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත්කිරීම කලාකරුවන් මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී ඊයේ  (14) සිදුවිය.
සුමති සම්මාන 2018 විනිශ්චය මණ්ඩලයේ සභාපති, මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා විසින් සුමති සම්මාන සංවිධායක කමිටුවේ ව්‍යාපෘති කළමනාකරු සාලිය සේනාරත්න මහතා වෙත එහිදී එම නිර්දේශිත නාමයන් නිල වශයෙන් බාරදෙනු ලැබිය. 23 වැනි සුමති සම්මාන උළෙ‍ලේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඩයලොග් ආසිආටා සමාගම කටයුතු කරයි. ප්‍රධාන අනුග්‍රාහක දායකත්වයට අදාළ ගිවිසුම සුමති සම්මාන සංවිධායක කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සහ ඩයලොග් ආසිආටා සමාගමේ අලෙවිකරණ ප්‍රධානී ෂමිල් බිෂ්රි යන මහත්වරු විසින් මෙහිදී හුවමාරු කරගනු ලැබූහ.
සුමති සම්මාන උළෙ‍ලේ නිර්මාතෘ සහ සංවිධායක කමිටු සභාපති තිලංග සුමතිපාල මහතා මෙහිදී අදහස් දක්වමින් පැවැසුවේ මීට වසර 23කට පෙර සුමති සම්මාන උළෙල ආරම්භ කරනු ලැබුවේ දේශීය නිර්මාණකරුවන් සහ ටෙලි නාට්‍ය කර්මාන්තය දිරිගැන්වීමත් එම නිර්මාණවල ගුණාත්මක බව අගය කිරීම සහ මෙරට බිහිවන ටෙලි නිර්මාණ ජාත්‍යන්තර තලය දක්වා ඔසවා තැබිම අරමුණු කරගෙන බවය.
සුමති සම්මාන උළෙල මතෛක් ආ සාර්ථක ගමන් මග පිළිබඳව තමන් සතුටට පත්වන බව පැවැසූ ඒ මහතා දේශීය අනන්‍යතාවය ආරක්ෂා වන පරිදි හොඳ මට්ටමේ නිර්මාණ බිහි කිරීම කලාකරුවන්ගේ වගකීම වියයුතු බවද කියා සිටියේය. තාක්ෂණයේ දියුණුවත් සමග ඉදිරි කාලයේදී කලා ක්‍ෂේත්‍රයේ අවස්ථාවන් පුළුල්වන බවත් එහිදී තම නිර්මාණවල ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම කෙරෙහි කලාකරුවන් වඩාත් සැලකිලිමත් විය යුතු බවත් තිලංග සුමතිපාල  මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
23 වැනි සුමති සම්මාන උළෙ‍ලේ නිල විද්‍යුත් මාධ්‍ය සහකරු ලෙස ස්වාධීන රූපවාහිනි ආයතනයත්, මුද්‍රිත මාධ්‍ය සහකරු ලෙස ලක්බිම සහ රැජිණ පුවත්පතත් එක්ව සිටිති. මිනිසුන් සැනසීමට කටයුතු කරන කලාකරුවන් ඇගැයුමට ලක්කිරීම මහා පුණ්‍යකර්මයක් බවත්, 23 වසරක් පුරා එම කටයුත්තෙහි සාර්ථකව නිරතවීම පිළිබඳව සුමති සම්මාන සංවිධායක කමිටුවට සිය ආයතනයෙහි ප්‍රසාදය පුදකරන බවත් මෙහිදී අදහස් දැක්වූ ස්වාධීන රූපවාහිනි සේවයේ ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න මහතා පැවැසීය.
දිනපතා සහ ඉරිදා ලක්බිම පුවත්පත්වලත් රැජිණ පුවත්පතෙහිත් පළවන කූපන්පත් පුරවා එවීමෙන් සහ එස්.එම්.එස්. මගින් යොමුකරන
ප්‍රේක්ෂක මනාප අනුව වසරේ ජනප්‍රියම නළුවා, නිළිය සහ ටෙලි නාට්‍යය තෝරාගනු ලබන අතර, මෙවර නවතම තාක්ෂණික ක්‍රමවේදයක් වන ජංගම දුරකථන මගින් ක්‍රියාත්මක කෙරෙන
ඉභථචබඩඪ ඒඹචපඤඵ ඒනන පහසුකමද ජනප්‍රිය සම්මාන සඳහා මනාප පළකිරීම වෙනුවෙන් හඳුන්වාදී ඇත. හොඳම රූපවාහිනී ග්‍රැෆික් සජීවීකරණය සඳහා සම්මානයක්ද මෙවර අලුතෙන් හඳුන්වාදී තිබේ. ප්‍රේක්ෂක මනාප අනුව ජනප්‍රිය නළුවා සහ නිළිය යන කාණ්ඩයන්හි ඉදිරියෙන්ම සිටින නළුවන් 15 දෙනා සහ නිළියන් 15 දෙනා වෙත සහතික පත් ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවිය. සුමති යුනිවර්සල් මැනේජ්මන්ට් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් (පෞද්ගලික) සමාගමේ අධ්‍යක්ෂ උදාන්ත සුමතිපාල සහ ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ සභාපති, නීතිඥ ඩග්ලස් සිරිවර්ධන යන මහත්වරු අතින් මෙම සහතිකපත් පිරිනැමිණ.
මෙහිදී අදහස් දැක්වූ සුමති සම්මාන 2018 විනිශ්චය මණ්ඩලයේ සභාපති, මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා පැවැසුවේ උළෙලෙහි සම්මාන සඳහා නිර්දේශවන කලාකරුවන් සහ නිර්මාණ තෝරාගැනීම විශාල අභියෝගයක් වූ බවත් සෑම ඉසව්වකින්ම දක්ෂයන් ගෙනුත් දක්ෂයන් තෝරාගැනීම විනිශ්චය මණ්ඩලයේ අභිලාෂය වූ බවත්ය. කලාකරුවන්ගේ මෙහෙවර ඔවුන් ජීවත්ව සිටියදීම මෙසේ ඇගැයුමට ලක්කිරීම ඉතා වටිනා කර්තව්‍යයක් බවද ඔහු පැවැසීය.
1995 වසරේදී තමන්ගේද දායකත්වයෙන් සුමති සම්මාන උළෙල ආරම්භ කරමින් යෙදු අත්තිවාරම අද මහල් 23ක දැවැන්ත මන්දිරයක් දක්වා ගොඩනැගි ඇති බවත්, සුමති සම්මාන උළෙල සංස්කෘතික උළෙලක් ලෙසද හැඳින්විය හැකි බවත් ප්‍රවීණ කලා ශිල්පී සතිශ්චන්ද්‍ර එදිරිසිංහ මහතා පැවැසීය. ප්‍රවීණ කලා ශිල්පී බුද්ධදාස විතානාරච්චි මහතා කියා සිටියේ දේශීය ටෙලි කර්මාන්තය සඳහා ප්‍රමිතීන් සම්පාදනය කිරීම පිණිස සුමති සම්මාන උළෙල විශාල කාර්යභාරයක් ඉටුකළ බවය.
ප්‍රවීණ කලාකරුවන් වන ශ්‍රියානි අමරසේන, නීටා ප්‍රනාන්දු සහ ශ්‍රීයන්ත මෙන්ඩිස් යන මහත්ම මහත්මීහුද මෙහිදී අදහස් දැක්වූහ.

 

නිර්දේශිත නාම

හොඳම ටෙලි නාට්‍ය (ප්‍රාසාංගික)
සොඳුරු දඩයක්කාරයා - (ස්වාධීන රූපවාහිනී)
සී රජ - (ස්වර්ණවාහිනිය)
බැද්දේ කුලවමිය - (ස්වර්ණවාහිනිය)

හොඳම ඒකාංගික ටෙලි නාට්‍යය
ශෝධක - ලසිත කාරියවසම් (ශ්‍රද්ධා රූපවාහිනී)
සසල විල නාට්‍ය මාලාවේ අපේක්ෂා - සමන් ප්‍රියන්ත විජේතුංග (දෙරණ රූපවාහිනී)
සසර සෙවනැලි නාට්‍යය මාලාවේ මාතු පාදං පීතු පාදං නමාමි - නිවන්ත ප්‍රසාර (හිරු ටීවී)

හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය
තුසිත ද සිල්වා - සොඳුරු දඩයක්කාරයා (ස්වාධීන රූපවාහිනී)
ආනන්ද අබේනායක - බැද්දේ කුලවමිය (ස්වර්ණවාහිනිය)
ජැක්සන් ඇන්තනී - සී රජ (ස්වර්ණවාහිනිය)

හොඳම ටෙලි නාට්‍යය නළුවා
ශ්‍යාම් ප්‍රනාන්දු - (වරනාග) සී රජ (ස්වර්ණවාහිනිය)
අමිල අබේසේකර - (අයිවන්) සොඳුරු දඩයක්කාරයා (ස්වාධීන රූපවාහිනිය)  
මහේන්ද්‍ර පෙරේරා - (එඩ්වින්) බැද්දේ කුලවමිය (ස්වර්ණවාහිනිය)

හොඳම ටෙලි නාට්‍යය නිළිය
අංජුලා රාජපක්ෂ - (ඩයනා) සොඳුරු දඩයක්කාරයා (ස්වාධීන රූපවාහිනිය)
නදී කම්මැල්ලවීර - (චංචලා) බැද්දේ කුලවමිය (ස්වර්ණවාහිනිය)
මේනකා පීරිස් - (විපුලා දේවි) සී රජ (ස්වර්ණවාහිනිය)

හොඳම ටෙලි නාට්‍ය සහය නළුවා
ජගත් චමිල - (උප ගුප්ත) එකගෙයි මිනිස්සු (ජාතික රූපවාහිනිය)
පුබුදු චතුරංග - (ඩෙන්සිල්) සොඳුරු දඩයක්කාරයා  (ස්වාධීන රූපවාහිනිය)
ආනන්ද කුමාර උන්නැහේ (ජිනපාල) බැද්දේ කුලවමිය (ස්වර්ණවාහිනිය)

හොඳම ටෙලි නාට්‍ය සහය නිළිය
නිරෝෂා තලගල - (සුලෝචනා) එකගෙයි මිනිස්සු (ජාතික රූපවාහිනිය)
නිමන්ති ‍පෝරගේ - (නාලනි මැණිකේ) මිල්ලෑව වලව්ව (ස්වාධීන රූපවාහිනිය)
නයනා හෙට්ටිආරච්චි - (යසෝ මැණිකේ) බැද්දේ කුලවමිය (ස්වර්ණවාහිනිය)

වසරේ නැගී එන ටෙලි නාට්‍යය නළුවා
චරිත් අබේසිංහ - (කුඩා ගණිත්තා) ගැමුණු මහ රජ (හිරු ටීවී)
අනුරාධ මල්ලවාරච්චි - (චිරන්ත) ටී ටුවෙන්ටි (ස්වාධීන රූපවාහිනිය)
දිනෙත් ද සිල්වා  - (දාට) සී රජ (ස්වර්ණවාහිනිය)

වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිළිය
නදීශා අලහප්පෙරුම - (ජයනි) දියමංකඩ (ස්වාධීන රූපවාහිනිය)
රුක්ෂානා දිසානායක - (සයුරි) මතු සම්බන්ධයි (ස්වර්ණවාහිනිය)
වොල්ගා කල්පනි - (තාරුකා) එකගෙයි මිනිස්සු (ජාතික රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍ය කැමරා අධ්‍යක්ෂ
උපුල් ප්‍රජාන් - සොඳුරු දඩයක්කාරයා (ස්වාධීන රූපවාහිනිය)
තිසර තුල්වන් - බැද්දේ කුලවමිය (ස්වර්ණවාහිනිය)
විශ්වජිත් කරුණාරත්න - සී රජ (ස්වර්ණවාහිනිය)

හොඳම ටෙලි නාට්‍ය සංස්කරණය
වරුණ කොඩිකාර - සොඳුරු දඩයක්කාරයා (ස්වාධීන රූපවාහිනිය)
හිමාල් ධර්මරත්න - සී රජ  (ස්වර්ණවාහිනිය)
ජගත් වීරතුංග - බැද්දේ කුලවමිය (ස්වර්ණවාහිනිය)

හොඳම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂ
ධම්මික හේවාදුවත්ත - සී රජ  (ස්වර්ණවාහිනිය)
හර්ෂණ ලාල් කුමාර / දේවා දේවසිංහ - සොඳුරු දඩයක්කාරයා (ස්වාධීන රූපවාහිනිය)
අජිත් හත්වැල්ල - මිල්ලෑව වලව්ව (ස්වාධීන රූපවාහිනිය)

හොඳම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂ
කපිල පූගලආරච්චි - සොඳුරු දඩයක්කාරයා (ස්වාධීන රූපවාහිනිය)
සමන්ත පෙරේරා - සී රජ  (ස්වර්ණවාහිනිය)
ගයාන් ගණකධාර - බැද්දේ කුලවමිය (ස්වර්ණවාහිනිය)

හොඳම ටෙලි නාට්‍ය තිර රචක
ජැක්සන් ඇන්තනී - සී රජ  (ස්වර්ණවාහිනිය)
අරුණ ප්‍රේමරත්න - බැද්දේ කුලවමිය (ස්වර්ණවාහිනිය)
තුසිත ද සිල්වා - සොඳුරු දඩයක්කාරයා (ස්වාධීන රූපවාහිනිය)

හොඳම ගීත රචනය
අතින් මල් ගත් කළු - ජැක්සන් ඇන්තනී (සී රජ) - ස්වාර්ණවාහිනිය
මතක සියපත විහිදුවා - අමිල තේනුවර (හිස් අහස යට) - ජාතික රූපවාහිනිය
පවන රලු වී සවන ගොලු වී - තුෂාරි අබේසේකර (මිල්ලෑව වලව්ව) - ස්වාධීන රූපවාහිනිය

හොඳම ටෙලි නාට්‍ය ගායනය
සංසාරේ දිගයි මයේ ආලෙ තරම් - ඉන්දිකා උපමාලි (සී රජ) ස්වර්ණවාහිනිය
මතක සියපත විහිදුවා - සචිනි නිසංසලා / මාලක ප්‍රියදර්ශන (හිස් අහස යට) - ජාතික රූපවාහිනිය
අතින් මල්ගත් කළු - අසංක ධනංජය (සීරජ) - ස්වර්ණවාහිනිය

හොඳම ටෙලි නාට්‍ය අංග රචනය (වේෂ නිරූපණය)
හර්ෂ මංජුල - සී රජ (ස්වර්ණවාහිනිය)
නලින් ප්‍රේමතිලක - ගැමුණු මහරජ (හිරු ටීවී)
සාලිය ප්‍රසාද් - මිල්ලෑව වලව්ව (ස්වාධීන රූපවාහිනිය)

හොඳම රූපවාහිනි සඟරාමය වැඩසටහන
ආටි - ඒ. ඕෂධ මහේෂ් ප්‍රියංකර (ස්වාධීන රූපවාහිනිය)
ආට් කැෆේ - ලසිත ගුණසේකර (හිරු ටීවී)
ද අදර් සයිඩ් - කේ. සී. සාරංග (දෙරණ රූපවාහිනිය)

හොඳම රූපවාහිනී සංගීත වැඩසටහන
රජ ගෙදර නාඩගම - කුමුදු අභයධීර (සිරස රූපවාහිනිය)
සිංහගිරි ස්ටූඩියෝ - 'දිවුල්ගනේ' චින්තක ගම්ලත් (දෙරණ රූපවාහිනිය)
මෙලඩි ඔෆ් හාට් - සුමිත් දිසානායක (ජාතික රූපවාහිනිය)

හොඳම රූපවාහිනී වාර්තා වැඩසටහන
සොබා ධාරා කුණු කන අලි - අනුරාධ දේවප්‍රිය (ජාතික රූපවාහිනිය)
පති සමීප රූපය සහ දුර රූපය අතර - මංජුල ඇතුගල (ස්වාධීන රූපවාහිනිය)
වරිග ‍පොජ්ජේ කෝණ මංගල්‍ය - රස්මින් රණසිංහ / මංජුල යටවතුර (ටීවී 1)

හොඳම රූපවාහිනී ළමා වැඩසටහන
සින්දු පන්තිය  - ඉමාලි ආරියවංශ (සියත රූපවාහිනිය)
ටිං ටිං මාමා - වෛද්‍ය කපිල සූරියආරච්චි - සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය (දෙරණ රූපවාහිනිය)
දැනුම අපේ සම්පතයි - පී. කුලරත්න (ජාතික රූපවාහිනිය)

හොඳම රූපවාහිනි අධ්‍යාපන වැඩසටහන
ආක්‍රමණශීලී ආගන්තුකයෝ - පූජිත දිසානායක - (ජාතික රූපවාහිනිය)
ජාතික පාසල (සතර කන් මන්ත්‍රනය) - මංගලා විජේරත්න (ජාතික රූපවාහිනිය)
හිරු මෙඩිකල් සෙන්ටර් (පිළිකා) - දමිත් ප්‍රනාන්දු / සුරේෂ් අල්විස් (හිරු ටීවී)

කිෂාන් කනංකෙ
ඡායාරූප - මලිත් ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.