lakbima.lk

දුටුගැමුණු රජතුමාට අධිකරණයෙන් කැඳවීමක්

“කැඩිච්ච වාහනයක් ගන්න එකයි, ලෙඩ ගෑනියෙක් කසාද බඳින එකයි, මෙගා ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන එකයි අතර වෙනසක් නැහැ. කැඩිච්ච වාහනයක් ගත්තොත් හැමදාම ඒක හදන්න ඕනේ. ලෙඩ ගෑනියෙක් ගත්තොත්  හැමදාම එයාට බෙහෙත් කර කර ඉන්න ඕනෑ. මෙගා ටෙලි නාට්‍යයක් කළොත් ආයේ ඉතින් වෙනත් වැඩක් කරගන්න බැහැ.
ඒ අපූරු උදාහරණය දෙමින් අපිත් එක්ක කතා බහට එකතු වුණේ සුපුන් රත්නායකයි. මේ දිනවල සිරස ටී.වී. ඔස්සේ සෑම සෙනසුරාදා හා ඉරිදා දිනකම රාත්‍රි 8ට විකාශය වන ඒක දිග කතාවක් ටෙලි නාට්‍යය  අධ්‍යක්ෂණය කරන්නේ සුපුන්. හැමෝම එකම විදියේ දේවල් කරන්න හදද්දී සුපුන් මේ ටෙලි නාට්‍යය තුළින් වෙනස්ම දෙයක් කරන්න උත්සාහ කරනවා. අපි හැමෝම ප්‍රිය කරන ගීත තියෙනවානේ. මේ විදියේ ගීත එකතු කරලා ලස්සන කතා ගොඩ නගන එක පුවත්පත් තුළින් වගේම ඒ දවස්වල ගුවන් විදුලියෙනුත් අපි විඳ ගත්තු අත්දැකීමක්.  සුපුන් තමන්ගේ ටෙලි නාට්‍යය තුළින් ඒ අත්දැකීම පුංචි තිරය නරඹන්නන් වෙත ලබාදෙන්නට උත්සාහ කරනවා.
එඩ්වඩ් ජයකොඩිගේ පලංචියේ ලී ඉරුවේ ඉස්සර විදියට දුව පැන යන එන  මේ ඉර හඳ යට හමුවි ''ගං ඉවුරේ තුරුලතා මඩුල්‍ලේ'' බුදු බණක් කියන්නට කියන ගීත අදාළ පාර්ශ්වයන්ගේ අවසරය මත මම මේ ටෙලි නාට්‍යයට යොදා ගත්තා. ටෙලි නාට්‍ය කොටස් 32කින් යුතුයි. ඒ කොටස් 32ම නරඹන අයට හිතෙයි මේ ගීත 5 මේ ටෙලි නාට්‍යයටම නිර්මාණය කළ ගීතද කියලා.
 සුපුන්ට මේ වගේ ටෙලි නාට්‍යයක් කිරීමේ මූලික අදහස ඇති වෙලා තියෙන්නේ කාලෙකට ඉස්සර ඔහු අපේ පත්තර මිතුරකු විදියට ඉන්න කාලෙදී. මම පුවත්පත් කලා වේදියෙකු විදියට වැඩ කරන කා‍ලේ මම සින්දු ආදරේ කියලා සතිපතා පත්තරේට කතාවක් ලිව්වා. ඔය කතාව සතිපතා පළ වෙන හින්දා සතියකටම යන්නේ එක සිදුවීමක්. එකම ගායකයකුගේ ගීත පහක් තෝරගෙන ඒ තුළින් තමයි අදාළ කතාව ගොඩ නැගෙන්නේ. එක සතියක මම එඩ්වඩ් ජයකොඩිගේ ගීත පහක් තෝරගෙන ලියපු කතාවට ඉහළ ප්‍රතිචාර ලැබුණා. ඒ කතාව තමයි මේ විදියට ඒක දිග කතාවක් නමින් ටෙලි නාට්‍යයක් බවට පත් කළේ. මෙය  නිෂ්පාදනය කළ ෆාහිම් මජුඩ් කතාව අහපු හැටියේ එය නිෂ්පාදනය කරන්න  කැමති වුණා, මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මුණුපුරු අරවින්ද වික්‍රමසිංහ තමයි මෙහි සියලුම සම්බන්ධීකරණ කටයුතු කළේ.
ගාල්ලේ ඉපදිලා ගාල්ල ඕල්සෙන්ට්ස් මධ්‍ය මහා විදුහ‍ලේ අධ්‍යාපනය ලැබූ සුපුන් වසර 14ක් පුරා ටෙලි නාට්‍ය සහය අධ්‍යක්ෂවරයෙක් විදියට රැඳී සිටින අතරේ තමයි පුවත්පත් වලටත් ඔය විදියට ලිපි රචනා කළේ. ඒ සියලුම අත්දැකීම් එකතු කරගෙන මගේ ආදර අවනඩුව අධ්‍යක්ෂණය කරමින් සුපුන් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු වුණා. ඒක දිග කතාවක් සුපුන්ගේ දෙවැනි ටෙලි නාට්‍යයි. ඔහුගේ තුන්වැනි නිර්මාණයත් අලුත්ම අත්දැකීමක්.
‍පොප් කෝන් කියන වබේ අඩවිය සඳහා නිර්මාණය කරන 'ඉතිහාසාධිකරණය' තමයි මගේ තුන් වැනි නිර්මාණය. ඒක ටෙලි නාට්‍යයක් ‍නෙවෙයි. අතීතයේ විසූ සුවිශේෂ අය අධිකරණයක් ඉදිරියට ගෙනැල්ලා වර්තමානයට ගැළපෙන විදියට ප්‍රශ්න කරන වැඩසටහනක්. උදාහරණයක් කියනවා නම් එක වැඩසටහනකදී අපි අන්දරේ ගෙන්වනවා. නීතිඥවරිය ඔහුගෙන් විමසනවා ඔබ සීනි බව දැනගෙනම බොරුවට වැලි කියලා සීනි කෑවා... ඒ සීනි රාජ්‍ය දේ‍පොළ... ඔබ එතැනදී කළේ රාජ්‍ය දේ‍පොළ අවභාවිත කිරීමක් නේද කියලා. දුටුගැමුණු රජතුමාව ගෙන්වන වැඩසටහනේදී අහනවා ලෝවාමහාපාය හදද්දී එක සේවකයකුට ගෙවපු මුදල මහවංසයේ සඳහන් වෙනවා. තවත් ‍පොතක ඊට වඩා වෙනස් මුදලක් සඳහන් වෙනවා. එතැනදී මුදල් අවභාවිතාවක් වුණාද කියලා. ඔය විදියට තමයි එහි කතාව ගලාගෙන යන්නේ.
‍පොප් කෝන් වබේ අඩවිය තුළින් ඉතිහාසාධිකරණය ළඟදීම ජනගත කෙරෙනවා. එයත් වබේ අඩවි හා බැඳුණු රසිකයන්ට අපූරුම අත්දැකීමක් වේවි.

ආරියවංශ කුලතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.