lakbima.lk

වේදිකාවේ රජු කරන මගේ තටු කපන්න සමහරු දඟලනවා

ප්‍රවීණ කලාකරු ජයසේකර අ‍පොන්සු පිළිබඳ කිසිවකු නොදැන සිටි අලුත්ම පුවතක් ඔහු සමග කළ සංවාදයක් හරහා මීට මසකට දෙකකට පමණ පෙර අපි ඔබ වෙත ගෙන ආවා. එහිදී ජයසේකර අ‍පොන්සු හෙළිකළේ තමන් මේ වනවිට වෘත්තියක් ලෙස කරවල අලෙවි කිරීමෙහිද යෙදී සිටින බවයි. මෙම පුවත රිද්ම අතිරේකයෙන් පළමුවරට හෙළිකළ පසු ඊට පාඨක ජනතාවගෙන් ඉතා හොඳ ප්‍රතිචාර හිමිවුණා. සමාජ මාධ්‍ය හරහාද මේ පිළිබඳ විවිධාකාරයේ කතිකාවක් ගොඩනැගී තිබුණා. ඒ කතිකාව තවමත් නිමාවී නොමැති බව නැවතත් සනාථ කරමින් ජයසේකර අ‍පොන්සු පසුගියදා සිය මුහුණු ‍පොතේ තරමක සංවේදී සටහනක් තබා තිබුණා. තමන් කරවල වෙළෙඳාමට යොමුවුණේ මුළුමනින්ම බංකොළොත් වීම නිසා හෝ කලාව සම්පූර්ණයෙන්ම අත්හැර දමා නොවන බවත් ඇතැම් වබේ අඩවි තමන් රිද්ම පුවත්පතට ලබාදුන් සංවාදය විකෘති කර පළකර තිබෙන බවත් එහි සඳහන්  වී තිබුණා.
අපේ රටේ කලාකරුවකුට කලාව පමණක් වෘත්තීය කරගෙන ජීවත්වීම ඉතා අසීරු කාරණයක් බව බොහෝ කලාකරුවන් පවා පවසන කාරණයක්. මේ හේතුවෙන් බොහෝ කලාකරුවන් කලාවට අමතරව වෙනත් වෘත්තීන්වලද නියැළී සිටින බවද ප්‍රසිද්ධ රහසක්. පසුගිය සතියේ රිද්ම සමග සංවාදයකට එක්වූ ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි හෙළි කළ ඇතැම් කරුණු ඊට හොඳම උදාහරණයක් බව කිව හැකියි. තමන් මෙරට ප්‍රමුඛතම ටින් මාළු නිෂ්පාදන සමාගමක ඉහළ තනතුරක් හොබවන බවයි ඔහු එහිදී ප්‍රකාශ කළේ. ඒ අනුව ගත්විට ප්‍රවීණ නළු කමල් අද්දරආරච්චි මාළු වෙළෙඳාමේ යෙදෙනවා යැයිද ඕනෑ නම් ඇතැමෙකුට තර්ක කරන්නට පුළුවන්. ඒ කොහොම වුණත් ජයසේකර අ‍පොන්සු කියන්නේ අදටත් කලා කටයුතුවල සක්‍රීයව නියැළී සිටින කලාකරුවකු බව අප කිසි විටකත් අමතක කළ යුතු නැහැ.

ජයසේකර අපෝන්සු facebook තැබූ සටහන

මේ දාලා තියෙන විදිහට ජයසේකර අපොන්සුගේ කාලය ඉවරවෙලා. ඔහු නට්ටම් වෙලා, අංජකොරොස් වෙලා යන එන මං නැතිවෙච්ච පාටක්නේ මේ ආට්කල් එක දැක්කාම හිතට එන්නේ. හොඳ වෙලාවට මං ඇත්ත කියනවා. මේ ලිපි කෑල්ල දාන්න හේතුවෙච්ච කාරණාව මේකයි. මම 1971 නළු‍වා වෙන්න කොළඹ ඇවිල්ලා මාර කට්ටක් කෑවා. එතකොට ගොසිප් නෑ. හෑන්ඞ් පෝන් නෑ. බයිස්කෝප් එකයි, රේඩියෝ එකයි විතරයි. සුන්දරම කාලයක අවසාන අදියරේ මම බයිස්කෝප් නළු‍වා වෙන්න ආවේ. මං එනකොට ලොකු විප්ලවයකුත් රටේ. මට විප්ලවේ තිබුණේ නළු‍වෙකු වීම පමණයි. 1971 ඉඳලා මං කරපු කැපවීම හින්දා මං ලංකාව ඇතුළේ  ඕනෑම කෙනෙක් දන්න, ජනප‍්‍රිය නළුවෙක් වුණා. 1975 වෙනකොට මම වේදිකාවේ හොඳම නළු‍වා වුණේ දැවැන්තයන් පරද්දලා. 1978දී ටැලිවිෂොන් එක හයිකරලා රේඩියෝ එකටයි, බයිස්කෝප් එකටයි තිත වැටෙනකොට, සිනමාවේ ප‍්‍රබලව හිටපු කාර්මික පිරිස නළු නිළියෝ සෑහෙන ගැටලූ‍වලට මූණදුන්නා. මම ”සමනල්ලූ”‍ කියලා පාසල් සිසු සිසුවියන්ට නාට්‍ය පෙන්නමින් ගැටලූ‍වලට මුහුණදුන්නා. එතකොටත් ගොසිප් නෑ. හැබැයි අපිව දිරිගන්නවන්න ඉහළම වර්ගයේ මානව දයාව පිරුණ පිවිතුරු පුවත්පත් ලේකඛයෝ හිටියා. පත්තර ගැන මං කිව්වේ. ඉතිං 1971 සිට අද වෙනකම් මම හොඳට කෙළින් ඉන්නවා. ජනප‍්‍රියතාවයේ අඩුවකුත් නෑ. පේ‍්‍රමය, විවාහය වගේ දේවල්වලදී මම හුඟක් මානව දයාව පෙරදැරි කරගෙන සාධාරණ පිළිවෙළට විසඳුම් යොදලා අයින්වෙලා තියෙනවා. ඔවුන් තුළ මං ගැන වෛරයක් නෑ. මගෙත් නෑ. නිළියෝ කරන්ඩ අහිංසක කෙල්ලො රවට්ටලත් නෑ, ගෑනු අමාරුවේ දාලත් නෑ. සිනමා නිර්මාණයක් කරලා ගේ දොර වික්කා ණය බේරන්න. චිත‍්‍රපටයේ දුර්වලකම නෙමෙයි. රටේ එවකට තිබිච්ච වාතාවරණය. ගොසිප්වලට හෝයියා කියන රූකඩ විචාරකයකු නම් මගේ මොළේ වයර් පැටලිලා කියලා විචාරයක් ලියලා තිබුණා. මගේ අන්තිම කැමැත්ත මං ලියලා අත්සන් කරලා තියෙනවා ? රූ, සීතා, මං ආවා එන්ඩ තියෙන ‘‘තරු සොභා’’ මං කරපු ෆිල්ම්. මැරිලා ඉන්න තැනක එන අයට පේන්න සලස්සන්න කියලා ෆුල් මෙබ ැන්එය ැනන්. ඉතින් දැන් මේ තිබෙන ගොසිප් කෑල්ලේ හෑල්ල කවුරුත් ගණන් ගන්න එපා. මට කෝටි ප‍්‍රකෝටි ගණන් සල්ලි නෑ. ඉන්නේ පුෂ්පා ජෙනට් සහෝදරියගේ අලංකාර නිවසේ පැත්තක තිබෙන පූජණීයත්වයෙන් පිරුණු කාමරේ. උදේ පාන්දර නැගිටලා පාර්ලිමේන්තුව අයිනේ වැලිපාරේ ඇවිදිනවා. ඉඳහිට හිටපු අධ්‍යාපන ඇමැතිතුමාත් හිනාවේගෙන යනවා.
මට මතක් වෙනවා ‘සමනල්ලූ‍’ භාෂා පාසල් සිසුන්ට නාට්‍ය පෙන්නපු ක‍්‍රමයට තිත තිබ්බේ එතුමානේ කියලා. මම හොඳට හිනායන චිත‍්‍රපටයක් මමම වියදම් කරලා හැදුවා ‘තරු සොභා’ කියලා. ගරු ජයන්ත ධර්මදාස මැතිතුමා මට මාර උදවුවක් කළා ඒකට. මම ටෙලි නාට්‍යවලට යෑම සීමා කරලා. මට හොඳට ගෙවලා හොඳ චරිතයක් දෙනවා නම් රඟපානවා. රංගනය හෑල්ලූ‍වට දාලා තුට්ටු දෙකට රඟපාන්නේ නම් නෑ. ඒ ආඩම්බරේ ගන්නේ අහිංසකව. මොකද මං දන්නවා මගේ රඟපෑමේ වටිනාකම. ඒක හෑල්ලූ‍ කරනවාට වඩා කරවල මන්නාරමෙන් ගෙන්නලා බෙදාහරින එක හොඳයි ගොසිප්කාරයෝ නිර්ව්‍යාජ කලාකරුවන්ට කරවල විකුණනවා කියලා හෝ ගාලා පතුරවනවා. ගොසිප්වල දාන්න පෙර මුං බලන්ඩ එපැයි ඇත්ත නැත්ත.
‘ලක්බිම’ පත්තරේ ගීත් මාව මුණගැහිලා ඇහුවා කරවල ගැන. මං හෙළිකළා. එයාලා ලස්සන ආටිකල් එකක් දැම්මා. ඒක කියවලා ගොසිප් කට්ටිය විකෘති ඇබ්සර්ඞ් නිවුස් දාලා ගොසිිප් එකට. කමෙන්ට්ස් දාන වෙනම භූතයෝ පිරිසක් ඉන්නවනේ. උන් කලාකරුවෙක් හ`දුනන් නෑ. එක මහත්තයෙක් දාලා තිබුණා ‘මං හම්බ කරපු සල්ලි නැති නාස්ති කරලා... වල්ගෑනු පස්සෙ ගිහිල්ලා දැන් හොට බිම ඇනිලා කරවල විකුණනවාලූ‍...’’ අනේ නළු‍වෙකු හැටියට, මිනිසෙක් හැටියට මට හැමෝම ආදරෙයි. උපන්දා ඉඳලා ‘වල්’ කියලා මිනිහෙක්, ගෑනියෙක් මට මුණගැහිලා නෑ. මම තවම විසේ තියෙන  ඕනම බිස්නස් එකක් කරන්න පුළුවන් අයෙක්. කුඩු, අරක්කු නැතුව. මන්නාරමේ හොඳ යාළු‍වෙක් කරවල එවනවා. මං බෙදනවා. වේදිකාවේ ‘රජු’ කරනවා. ‘‘තටු’’ ‍නාට්‍ය නැගලා යනවා. මම නම් සතුටින් ඉන්නවා.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.