lakbima.lk

ෆේස්බුක් වලට ගායක ගායිකාවන් බිහිකරන්න පුළුවන්ද?

නවක ගායකයකුට හරි ගායිකාවකට හරි රසික කරලියට එන්නට නම් ගුවන්විදුලි හෝ රූපවාහිනි චැනලයක පිහිට උවමනා බව සමහරු තවමත් හිතනවා. එහෙම නැතිනම් රියැලිටි තරඟයකින් අඩු ගනනේ අවසන් වටයට වත් නොපැමිණ ගායකයෙක් හෝ ගායිකාවක හැටියට ජනප්‍රිය වෙන්න බැහැ කියන පිරිසකුත් අප අතරේම ඉන්නවා.

නමුත් මේ කිසිම දේක උදව්වක් නැතිව ෆේස්බුක් යූ ටියුබ් වැනි සමාජ ජාල වෙඩි අඩවි මගින් ගීතයකට හරි ගායකයෙකුට හරි ගායිකාවකට හරි ඉහළම ජනප්‍රියත්වයකට පත්වන්නට පුළුවන් බව මේ වන විට කෙමෙන් තහවුරු වෙමින් පවතිනවා. මේ ෆේස්බුක් සහ යූ ටියුබ් වල තිබී අපට හමුවූ සුභාවිත ගායනයක්. මෙහි තනුව සකසා ඇත්තේ උත්තර භාරතීය රාගධාරී සංගීතයේ එන ශිවරන්ජනී රාගය පදනම් කරගෙන සංගීත විශාරද දර්ශන වික්‍රමතුංග විසිනුයි. ගීත රචනය රසික ඩී දුමින්ද. ගායනය උපේක්ෂා සෙව්වන්දි ඉදුරුව. ඇය මීරිගම ප්‍රදේශයේ ඉපදී හැදී වැඩී විශාරද උපාධිය සඳහා සංගීත හදාරන ගැමි යුවතියක්.

 ‘හුදු රැල්ලට‘ අවනත නොවෙමින් පබැදුණු, තනුව යෙදුණු සහ ගායනා කෙරුණු මෙම ගීතයට සහ ගායිකාවට කිසියම් ජනප්‍රිය තලයකට පැමිණීමට ඉඩ කඩක් තිබේ දැයි ඔබ තීරණය කරන්න. ගීතය පහතින්.... 

Comments  

+4 #1 AVISH 2018-07-06 15:36
superb and marvellous melody
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.