lakbima.lk

සැමියාගේ ඝාතනයට සැකපිට බිරිඳ හා හමුදා කෝප්‍රල් දැලේ



මාතලේ-විල්ගමුව,ගුරුවෙල යාය ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට යුධ හමුදා කෝප්‍රල්වරයෙකු විලගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන් ඇත.,
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ 42 හැවිරිදි කතරගම ප්‍රදේශයේ යුධ හමුදා කදවුරක සේවය කරන හමුදා කොප්රල්වරයෙකි.
.ඉකුත් පෙබරවාරි මස් 01 දින රාත්‍රී කාලයේදී ගුරුවෙලයාය ප්‍රදේශයේ නිවෙසකදී 50 හැවිරිදි වියේ පසුවූ තිදරු පියෙකුවන ආර්,කේ,සෝමදාස යන අය නාදුනන පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර තිබුණි.
සිද්ධිය පිලිබදව විමර්ශනය කල පොලිසිය මියගිය පුද්ගලයාගේ  බිරිඳ සමග   අනියම් ඇසුරක් පවත්වා ගෙනගිය බවට අනාවරණය කරගත් තොරතුරු මත සැකකාර යුධ හමුදා සෙබලා අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය පිලිබදව පරීක්ෂණ සිදුකරන පොලිසිය මරණකරුගේ බිරිඳද ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් නාඋල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
විල්ගමුව පොලිසිය පරීක්ෂණ සිදුකරයි.    


දඹුල්ල-අශෝක එරමිනිගම්මන

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.