lakbima.lk

වයිස්රෝයි ස්පෙෂල් පිළිගන්න ගිය ජනපති තාත්තා සමග කෝච්චියේ බියර් බිව් හැටි කියයි

 

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් රචිත The Viceroy Special කෘතියේ සිංහල අනුවාදය ඊයේ (06) එළි දැක්වින. “වයිස්රෝයි ස්පෙෂල්“ නමින් එම කෘතිය සිංහලට අනුවාදය කරනු ලැබුවේ ජනාධිපති සම්බන්ධීකරණ අධ්‍යක්ෂ භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් මහතා විසිනි.

එහි මුල් පිටපත පිරිනැමුනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙතය.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේ පැවති මෙම උත්සවය අමතමින් අදහස් දැක්වූ ජනාධිපතිවරයා තම දුම්රිය අත්දැකීම්ද සිහිපත් කළේය. තමා පියා සමග දුම්රියේ ආපන ශාලාවේ බියර් වීදුරුවක් තොල ගෑ අයුරු පැවසූවේ මෙසේය.

“හැත්තෑ එකේ කැරැල්ල හේතුවෙන් මම අවුරුදු එක හමාරක් මඩකළපුව බන්ධනාගාරයේ ඉඳල නිදහස ලබපු දවසේ මාව ගෙදර එක්කගෙන එන්න තාත්ත මඩකළපුවට ආවේ කෝච්චියෙන්. අපි ආපහු ගෙදර එනගමන් දුම්රියේ ආපන ශාලාවට, තාත්ත මාවත් එක්කගෙන ගියා. මට එතකොට අවුරුදු 21ක් විතර ඇති. ආපන ශාලාවේ මේසයක දෙපැත්තේ අපි දෙන්න වාඩි වුණා. මම නිදහස් වීම ගැන තාත්ත හරි සතුටෙන් හිටියේ. තාත්ත මගේන් ඇහුවා බියර් එකක් බොමුද කියල. මමත් ඔළුව වැනුවා. තාත්ත බියර් එකක් ඕඩර් කළා. බියර් එක වීදුරු දෙකකට දාල එදා අපි දෙන්න බිව්ව. එදායින් පස්සේ කවදාවත් මම බියර් එකක්වත් බීලා නැහැ. ඕවා තමයි මගේ වයිස්රෝයි ස්පෙෂල්“

අමාත්‍ය අර්ජුන රණතුංග, රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන, ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් කපිල ජයම්පති, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, බුද්ධදාස ගලප්පත්ති,  ජේයෂ්ඨ  මාධ්‍යවේදී වික්ටර් අයිවන් යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.