lakbima.lk

මුහුදට බිළිවූ පියා සහ දියණිය

කිරින්ද මුහුදේ රල පැගිමට ගිය හැටන් ප්‍රදේශයේ ව්‍යාරියකු  ඔහුගේ දරුවකුද සමග දිය පහරට හසුවි මිය ගොස් ඇති බවත් ඔහුගේ බිරිද අසධ්‍ය තත්වයේ රෝහල් ගත කර ඇති බවත් හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලදි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ කිරින්ද පොලිසියෙන් ලැබුන තොරතුරු මත 23වන දින මෙම පිරිස මෙසේ රල පැගිමට ගොස් සිටියදි මෙසේ අනතුරකට ලක්ව ඇති බවත්ය.

හැටන් නගරයේ වෙළද ව්‍යාපාරියකු වන එන්. වීජේසුරිය යන අය තම පවුලේ සියලුම දෙනා සමග පසු ගිය දිනක යාල හා කිරින්ද ප්‍රදේශයේ සංචාරයකට ගොස් සිටියදි මෙම අනතුරට ලක්ව ඇත.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ හැටන් සාත්තු නිවාස පාරේ පදිංචිකරුවකු හා ඔහුගේ දරුවකු වන අතර අසාධ්‍ය තත්වයේ පත්වන එම ව්‍යාපාරිකායාගේ බිරිද පුද්ගලික බැංකුවක සේවය කරන නිලධාරියකි.

සුදත් සෙල්ලහේවා - හැටන්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.