lakbima.lk

මහරගම නගර සභාව කුණුහරුපෙන් නැහැවෙයි

 

මහරගම නගර සභාවේ මාසික රැස්වීමේදී පාලක පක්ෂයේ නාගරික මන්තී‍්‍ර රුවන් සේනාරත්න (ස්වාධීන කණ්ඩායම-02) මහතාගේ කතාවට නාගරික මන්ත‍්‍රී නිශාන්ත විමලචන්ද්‍ර මහතා (ස්වාධින කණ්ඩායම-01) බාධා කිරීමත් සමගම දෙදෙනා අතර අසා සිටීමට නොහැකි තරමේ පරුෂ වචන හුවමාරු වූ බවයි පැවසෙන්නේ. 

මෙම අවස්ථාවේ එක් මන්ත‍්‍රීවරියක් මෙම වාග් හුවමාරුවට මැදිහත්වූ අතර, අනෙක් මන්ත‍්‍රීවරියෝ සභාවේ ආසනවලට වී බිරාන්තව සිටි බව දක්වට ලැබුනහ.

මෙම උණුසුම් තත්වය පාලනය කර ගැනීමට සභාපති ටිරාජ් ලක්රුවන් පියරත්න මහතාට හැකි වූ බවයි වාර්තාවන්නේ.

මහරගම පමුණුව පාරේ මහරගම නගර සභාවට අයත් අගෆූරියා ආරාබි විදුහල ආසන්නයේ තිබෙන වාහන නවතුම් පොළේ වැසිකිළි සංකීරණය ඉදිකිරීමේ කටයුතු ප‍්‍රමාදකරමින්, එම ඉදිකිරීම කොන්ත‍්‍රාත්වරයකු ලවා සිදුකර ගැනීමට මන්තී‍්‍රවරුන් පිරිසක් සූදානම්ව සිටින බවට අදාළ නම් සඳහන් නොකර, නාගරික මන්තී‍්‍ර රුවන් සේනාරත්න මහතා කතා කිරීම දෙදෙනා අතර මෙම උණුසුම් වාග් හුවමාරුව හේතුව විය.

මෙහිදී දෙදෙනා සහ ඔවුන් දෙදෙනාට සහායවීමට ඉදිරිපත්වූ මන්ත‍්‍රිවරුන් අතර සිදුවීමට ගිය ගුටිබැට හුවමාරුව, අනෙක් මන්ත‍්‍රිවරුන්ගේ මැදිහත්වීමෙන් වළකාගතහැකි විය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.