lakbima.lk

පොල් ගස මුදුනේ හදිසි මරණයක්

පොල් ගසක් මුදුනේ පුද්ගලයකු මියයාමේ පුවතක්  හම්බන්තොටින් වාර්තා වේ. හම්බන්තොට, සිරිබෝපුර, අංක 19, කෙයාර් නිවාස යන ලිපිනයේ පදිංචිව සිටි වීරප්පුලි කංකානම්ගේ සුගත් නමැති 46 හැවිරිදි අවිවාහක අයෙක් මෙලෙස මියගොස් තිබේ.

ගස මුදුනේදී හටගත් හදිසි හෘදයාබාධයකින් ඔහු මියගොස් ඇති අතර සිරුර ගසේ පොල් අතු අතර රැඳී තිබුණි.

මේ සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්‍ෂණය බස්නාහිර වලකඩ හදිසි මරණ පරීක්‍ෂක  ඒ. වෙත්තසිංහ මහතා විසින්ද පශ්චාත් මරණ පරීක්‍ෂණය හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එච්. ඩබ්ලිව්. ආර්. සංජය මහතා විසින්ද පැවැත්වූහ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.