lakbima.lk

ධනවතුන් නිවසට ගෙන්වා සිප වැළඳ හොරෙන් වීඩියෝ කර කප්පම් ඉල්ලන චන්ද්‍රා

ධනවත් ව්‍යාපාරිකයන් හා ධනවත් ප්‍රභූ පුද්ගලයන් බියගන්වා ලක්‌ෂ ගණන් මුදල් කප්පම් ලෙස ගත් චන්ද්‍රා නම් රූමත් කාන්තාවක් කටුවන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
එම කාන්තාව ව්‍යාපාරිකයන්, ධනවත් පුද්ගලයන් සමග හිතවත්වී රාගික ඇරයුම් කර කලෙක පටන්ම තම නිවෙසට ගෙන්වා ගැනීම සිදු කර තිබේ. ඇය නොයෙක් ප්‍රදේශයන්හි කුලී පදනම මත නිවෙස් ලබාගෙන සහචරයින් කිහිප දෙනෙකුද සම්බන්ධකොටගෙන මෙම ජාවාරම කරගෙන ගොස් තිබේ.

ඇය අත්අඩංගුවට පත්ව ඇති ආසන්නම සිද්ධිය මෙසේය.

කාන්තාව ව්‍යාපාරිකයකු හා මිත්‍ර වී ඔහුගේ ජංගම දුරකථන අංකය ලබාගෙන ඇයගේ ද ජංගම දුරකථන අංකය ලබාදී තමන්ට අවශ්‍ය කරන භාණ්‌ඩය නිවසට ගෙනැවිත් දෙන ලෙසත් එය තැබීමට සුදුසු ස්‌ථානයක්‌ තම නිවසටම පැමිණ පෙන්වන ලෙසත් මායම් යොදා කතා කර මුළා කර නිවසට ගෙන්වා ව්‍යාපාරිකයන් පැමිණි පසු ඔහුට ළංවී සිප වැළඳගෙන ඔවුන් මංමුළා කරමින් ඒවා ජංගම දුරකථන මගීන් හා සී. සී. ටී. වී කැමරා මගින් වීඩියෝ කර එම දර්ශන ඔවුන්ගේ පවුල්වල ඥතීන්ට, දරුවන්ට පෙන්වන බව පවසා මුදල් ඉල්ලා ඇත.

එසේ නොකිරීමට නම් තමන්ට ලක්‌ෂ දෙකක මුදලක්‌ ලබාදෙන ලෙස තර්ජනය කර ඇත. එකී තර්ජනයට බිය නොවූ ව්‍යාපාරිකයකු තමන් මුහුණ පෑ සිද්ධිය පොලිසියට පැමිණිලි කළ පසු සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
 
මේ ආකාරයෙන් මෙවැනි කාන්තාවන්ට අසුවූ ධනවත් ව්‍යාපාරිකයන් මාතර, අකුරැස්‌ස, දික්‌වැල්ල, කටුවන ප්‍රදේශවල සිටින අතර ඔවුන් තමන්ට මුහුණ පෑමට සිදුවූ අකරතැබ්බ හා ලැඡ්ජාව නිසා ලක්‌ෂ ගණනින් මුදල් ලබාදී නිහඬව සිටින බව ද වාර්තා වේ.
 

ආසන්න සිදුවීම වාර්තා වූයේ කටුවන පොලිස්‌ ස්‌ථානයටය. ඇය කටුවන ප්‍ර දේශයේ කුලියට ලබාගත් නිවසකද කලක් තිස්සේම මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කටුවන පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සුදත් සුදසිංහ මහතාට ලැබුණ පැමිණිල්ලක්‌ මත හතළිස්‌ හත් හැවිරිදි (47) දෙදරු මවක්‌ සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර වලස්මුල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.
 
මේ ආකාරයෙන් බලපෑම්වලට ලක්‌වූ ව්‍යාපාරිකයන් හා ධනවත් පුද්ගලයන් ලැඡ්ජාවට පත්නොවී ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කරන ලෙස ද කටුවන පොලිසිය ඉල්ලීමක්‌ කරයි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.