lakbima.lk

දුම්රිය දෙපාර්තමේන්තුව කුරුළු දඩයමක

වසර සිය ගණනක් මුලුල්ලේ පක්ෂි වර්ග රැසකට රැකවරණය දුන් කුරුණෑගල දම්බොක්ක දුම්රිය හරස්පාර අද්දර ඇති පැරණි බෝ රුකක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඊයේ (09) හිටි හැටියේ කපා දැමීම මත එහි වාසය කළ පක්ෂීන් විශාල පිරිසක් මිය ගොස් තවත් විශාල පිරිසකට බරපතල හානි සිදු වී ඇති අතර පක්ෂි කැඳලි සහ බිත්තර විශාල ප්‍රමාණයක් විනාශ වී ඇතැයි වාර්තා වේ.

මෙම සිද්ධිය සැලවීමත් සමඟ සත්ව අවිහිංසාවාදීන් සත්ව ලෝලීන් සහ පරිසර වේදීන් එම ස්ථානයට රැස්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් ද දැනුවත් කර ඇත. ඒ අනුව අද(10) පෙරවරුවේ එහි පැමිණි වනජීවි නිළධාරීන් මියගොස් සහ තුවල ලබා සිටි පක්ෂීන් නිරීක්ෂණය කළ අතර තුවල ලැබූ පක්ෂීන් පශූ වෛද්‍ය අංශ වෙත යොමු කර ඇත. එහිදී අදහස් දැක්වූ වනජීවි නිලධාරීයෙකු කියා සිටියේ මෙවැනි පක්ෂී කැඳලි සහිත පක්ෂීන් වෙසෙන වෘක්ෂ කැපීමට පෙර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කළයුතු වුවත් දුම්රිය දෙපාර්තමේන්තුව එසේ කොට නොමැති බවකි.

ඒ අනුව එම වෘක්ෂය කැපීමෙන් මිය ගිය පක්ෂීන්ගේ මළ සිරුරු දුම්රිය මාර්ගය අවට සහ කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගය අවට දක්නට ලැබුණු අතර බිත්තර බිදුණු පක්ෂීන් එම කපා දැමු ගසෙහි කඳ මත සිට විලාප නගන බවත් එහි සිටින පිරිස් කියති. කෙසේ හෝ මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඊට වගකිව යුතු දුම්රිය දෙපාර්තමේන්තු නිළධාරියෙකු සම්බන්ධ කර ගැනීමට අප දැරූ සියළු උත්සාහයන් අසාර්ථක විය.





පසුබිම් වාර්තාව -  කුමාරි ගමගේ, හසිනි හේරත්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.