lakbima.lk

කාන්තා දිනයට ශ්‍රී ලංකන් ගුවන් සේවය කාන්තාවන්ටම ගුවන් යානයක් බාරදෙයි (PHOTOS)

 

ජාත්‍යන්තර කාන්තා දිනය අභිමානයෙන් සමරමින්  කාන්තාවන් පමණක් මෙහෙයුම් සිදු කළ ශ්‍රීලංකන් ගුවන් සේවයේ UL306 ගුවන් යානය අද (08) උදෑසන සිංගපූරුව බලා පිටත්ව ගියේය. කාන්තාවන් පමණක් මෙහෙයුම් සිදු කළ පළමු ශ්‍රීලංකන් ගුවන් යානය මෙය වීම විශේෂත්වයයි.

ගුවන් යානයේ මෙහෙයුම් කාර්ය මණ්ඩලය කාන්තාවන් 8 දෙනෙකුගෙන් සමන්විත වූ අතර ගුවන් නියමුවරියන් ලෙස කපිතාන් සිම්රන් ගුම්මන්, පළමු පියාසර නිලධාරිනිය ලෙස මනීෂා නම්බුගේ සහ ගුවන් කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස මිරින්ඩා රුද්‍රිගෝ කටයුතු කළහ. ගුවන් යානයේ මගීන් 177 දෙනෙකු ගමන් ගත්හ.

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ලොව පුරා සේවය කරන සියලුම කාන්තාවන් පිළිබඳ ආඩම්බර වනබව ශ්‍රීලංකන් ගුවන් සේවය පවසයි.

 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.