lakbima.lk

කාගෙවත් ආදරයක් මට මගේ කරගන්න වුවමනාවක් නැහැ

ධනුක දිල්ෂාන්ව අප මුලින්ම හඳුනාගත්තේ මියුසික් වීඩියෝ කලාවෙන්. කාලයත් එක්ක පුංචි තිරයේ ආදරණිය පෙම්වතා බවට පත් වූ ධනුක සිනමාවට අවතීර්ණ වුණේ මෙගා ටෙලි නාට්‍ය කලාවෙන් සමුගන්නා බව පවසමින්. වෘත්තීය ජිවිතේ වෙනස්වීම් වගේම ඔහුගේ පෞද්ගලික ජීවිතේ වටාත් පසුගිය කාලයේ නොයෙකුත් කතන්දර නිර්මාණය වුණා. කාලයත් එක්ක හැමදේම අමතකව යද්දී ආයෙමත් සමාජ ජාල වෙබ් අඩවියක ඔහු පිළිබඳව ලොකු කතාවකට මුල පිරීමක් දක්නට ලැබුණා.

ධනුක ආයෙමත් අමතකව ගිය පෙම් කතන්දරේ පටන් අරගෙන වගේ?

මොන පෙම් කතන්දරේ ගැන ද ඔය කියන්නේ මට මේ ඉන්න විදිය හොඳයි. කොහොමත් මට ආදරේ ගැන හිතනවට වඩා කරන්න දේවල් ගොඩක් තියෙනවා. අම්මා තාත්තව බලාගෙන නංගිගේ අනාගතේ ගැන හිතන එක ආදරේට වඩා මට වටිනවා. ඇත්තටම ඔය පරණ කතන්දර ගැන කතා කරන එක කිසිම තේරුමක් නැහැ.

කතාව පරණ වුණත් අප්ඬේට් එක අලූ‍ත්නේ. ඒකනේ කවුරු හරි කෙනෙක් මගේ ළඟත් ඉන්න  ඕන කියලනේ ධනුක කියන්නේ?

මොන පිස්සුද, මම නම් ඔය වගේ දෙයක් කියලා නැහැ. මොකද මට කාගෙවත් ආදරයක් මගේ කරගන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. ඇරත් ආදරේ ගැන හිතන්න තව කල් තියෙනවා. එදාට  මගේම කියලා ආදරයක් ඇතිවුණාම එ් ගැන හැමෝටම කියන්නම්. මම දවස් 70ක් විතර එක දිගට රූගත කිරීම්වල යෙදිලා අදයි ගෙදර ආවේ.  

මොකක්ද නිර්මාණය? 

රොෂාන් රවින්ද්‍ර අයියගේ ටෙලි නිර්මාණයක්.  ර්‍ණතණමල්විල කොල්ලෙක් කියලා” ලස්සන ටෙලි සිත්තමක්. ජර්මනියේ ප‍්‍රංශයේ පවා රූගතකිරීම් කළා. ඇත්තටම කාලෙකින් දකින්න ලැබෙන හොඳ ටෙලි නාට්‍යයක්.

පසුගිය දවසක ඔබ ටෙලි නාට්‍ය රංගනයේ ආයෙමත් යෙදෙන්නේ නැහැ කිව්වා නේද?

මම කිව්වේ මෙගා ටෙලි නාට්‍යය හා මියුසික් වීඩියෝ කරන්නේ නැහැ කියලයි. මේ ටෙලි නාට්‍යය කොටස් 40ක නාට්‍යයක්. ඒ නිසාමයි මෙහි රංගනයට එකතු වුණේ.

සිනමාවට වැඩි ඉඩක් දෙනවා කිව්වට ඔබ එක සිනමා පටයකවත් පේන්න නැහැනේ?

මේ වෙද්දී චිත‍්‍රපට පහකටම කතා කරලා තියෙනවා. 2019 වසරේ පෙබරවාරියේ රොහාන් පෙරේරා ගේ අලූ‍ත්ම චිත‍්‍රපටයේ වැඩ පටන් ගන්නවා. ඇත්තටම එකින් එක රූගත කිරීම් එක්ක මුළු අවුරුද්දම දර්ශන තලයේ තමා ඉන්නේ. ඉස්සරහට මගේ වැඩ බලාගන්න පුළුවන්.

ධනුක කියන්නේ නොසිතපු විදියට කටකතාවලට මුහුණ දුන්න චරිතයක්. මේ ගොසිප් නිර්මාණ ගැන මොකද හිතන්නේ?

ගොසිප් කියන දේ ගොඩක් අයට මැජික් වුණාට මම ඒවා ගණන් ගන්නේ නැහැ. හැමෝම අනුන්ගේ දේවල් හොයන වෙලාවක මම මගේ පාඩුවේ ඉන්නවා.  ඒවගේ කතන්දර ඇඟට ගත්තම හරිම කරදරයි. කොහොමත් මම කොළඹ කොල්ලෙක්. කොළඹ අය අනුන්ගේ දේවල් හොයන්නේ ගොඩක් අඩුවෙන්නේ.

අනාගතේ  ගැන මොනවගේ බලාපොරොත්තු ද තියෙන්නේ?

මගේ හිතේ ජීවිතේ ගැන ලොකු බලාපොරොත්තු නැහැ. මොකද එහෙම බලාපොරොත්තු තියාගෙන ඉන්න එක ඔළුවට කරදරයි. මේ මොහොතේ ගත කරන ජීවිතයයි වැදගත්. හැමෝමත් එක්ක හොඳින් ඉඳගෙන හොඳ සිතුවිලිත් එක්ක ජීවිතේ ඉදිරියට ගෙනියන්නයි මම සිහින දකින්නේ. එ් අතරතුර වෙන දෙයක් වෙයි. එ් හැමදේටම මුහුණ දෙන්නත් මම සූදානම්.

තමාරා කල්හාරි පතිරණ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.