lakbima.lk

 

 

ආසියානු ශිෂ්ටාචාර සංවාද සමුළුව බෙයිජිංහිදී අද (15) පෙරවරුවේ උත්කර්ෂවත් ලෙස ආරම්භ විය.

ශ්‍රී ලංකාව, කම්බෝජය, ග්‍රීසිය, සිංගප්පූරුව, ආමේනියාව යන රටවල නායකයෝ සහ රාජ්‍ය ප්‍රධානීහු, මොන්ගෝලියාවේ නායකයා මෙන්ම එක්සත් ජාතීන්ගේ යුනේස්කෝ සංවිධානය ඇතුළු ජගත් සංවිධානවල අධ්‍යක්ෂවරු එම සමුළුවට සහභාගි වෙමින් සිටිති.

‘ආසියානු ශිෂ්ටාචාර හුවමාරුව සහ පොදු ඉරණමක් සහිත ප්‍රජාව’ මැයෙන් පැවැත්වෙන සමුළුවට ආසියානු රටවල් 47ක සහ ආසියාවට බැහැර රටවල තරුණ තරුණියන්, ශාස්ත්‍රඥවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ ජගත් සංවිධානවල සාමාජිකයන්ගේ සහභාගීත්වය ආකර්ෂණය කර ඇත.

අද ආරම්භ වූ ආසියානු ශිෂ්ටාචාර සංවාද සමුළුව අමතමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේ මානව ජාතිය පොදු අ‍භියෝග වලට මුහුණ දීම සඳහා ආර්ථික හා තාක්ෂණ ශක්තිය අවශ්‍ය වන අතර සංස්කෘතික හා ශිෂ්ටාචාර බලවේගයන් ද අත්‍යවශ්‍ය බවයි. 

ආසියානු ශිෂ්ටාචාර සංවාද සමුළුව, ආසියාව හා ලෝකයේ ඒ ඒ රටවල් අතර සාධාරණ සංවාද පවත්වා හුවමාරු හා අන්‍යෝන්‍ය අධ්‍යයන පුළුල් කිරීමට මනා වේදිකාවක් බව හෙතෙම එහිදී සඳහන් කළේය.

ඔහු පැවසුවේ ආසියානු ජනතාව සුන්දර ජීවිතය කෙරෙහි දරන අභිලාෂයන් සැබෑ කිරීමට අපි උත්සාහ දැරිය යුතු බවයි.

ඒ ඒ රටවල් සමඟ ආසියානු සංචාරක ප්‍රවර්ධන සැළැස්ම ක්‍රියාත්මක කරමින් ආසියාවේ ආර්ථික සංවර්ධනය මෙන්ම ආසියානු ජනතාව අතර මිතුදම පුළුල් කිරීමට දායක වීමට චීනය කැමැත්තෙන් පසු වන බව ද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මෙම සමුළුවට සහභාගී වී සිටී.

 

 

  1. මහ ඇමැතිට කනේ පහරක්
  2. අන්තවාදීන්ට උදව් කළ ශමීමා රටට ආවොත් එල්ලනවා
  3. දකුණු අප්‍රිකාවේ ජනපති පුටුවට රම්පෝසා යළිත්
  4. අයිසිස් මදිවාට අල්ඛයිඩාවත් යළිත් හිස ඔසවයි
  5. ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් ට්විටර් ගිණුම් 1,50,000ක් අත්හිටුවයි
  6. අයි.එස් ප්‍රහාරයකින් 3ක් මරුට
  7. බොරතෙල් මිල ඉහළ යයි
  8. රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනාට පොදු සමාව
  9. ගුවන් යානයක් ගිණි ගැනීමෙන් 41ක් මරුට
  10. ඉන්දුනීසියාවේ මැතිවරණ තුනක් එකට
  11. ෆොනී ඉන්දියාව කළඹයි - කෝටි 10ක් අනතුරේ
  12. තායිලන්ත රජු යළි විවාහ දිවියට
  13. ජපාන අධිරාජ්‍යයා සිය කිරුළ අතහරී
  14. මාධ්‍ය යුද්ධයක් වූ ඉන්දියාවේ ඡන්දය
  15. කිම් ජොන් අන් රුසියානු සංචාරයක
  16. නෝත්‍රදාම් වෙනුවෙන් ප්‍රසංගයක්
  17. යුක්රේන ජනාධිපතිවරණයෙන් ජය විකට රංගන ශිල්පියෙකුට
  18. ගුවන් යානයක් නිවසක් මතට කඩා වැටේ
  19. ලෝ සුපතල නොට්රේ ඩේම් දේවස්ථානයට ගින්නකින් මහා විනාශයක්
  20. විකිලීක්ස් සම නිර්මාතෘ අත්අඩංගුවට
  21. ලොව සුවිශාලම මැතිවරණය ඇරඹෙයි - ප්‍රතිඵල මැයි 23දා
  22. නෙතනියාහු සහ හමුදා ප්‍රධානියා අතර කරට කර සටනින් නෙතනියාහු නූලෙන් ජයගනී
  23. ට්‍රම්ප්ගේ පදයට නැටූ ස්වදේශ ආරක්ෂක ලේකම් ගෙදර යයි
  24. ඉන්දීය සයුරේ ආරක්ෂාවට උපදේශන සැසිය
  25. හිටපු අගමැතිගේ නඩුව ඇසීම ඇරඹෙයි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.