lakbima.lk

ජනප්‍රිය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන උස්මාන් කවාජාගේ සොහොයුරා වන අර්සලාන් කවාජා මේ වන විට නිව් සවුත් වේල්ස් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. ඒ වෙනත් අයෙකු බොරු ත්‍රස්තවාදී කුමන්ත්‍රණයකට සිතා මතා  පටලවා අපකීර්තියට ලක් කිරීම වෙනුවෙනි.

මෙසේ වරදට හසු කර තිබුණේ සිඩ්නි හි ආචර්ය උපාධිය සඳහා එරට වාසය කළ ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු වූ මොහමඩ් කමෙර් නිසාඩීන් ය. ‍ඔහුගේ සටහන් පොතක පැහැදිලි අත් අකුරින් ඕස්ට්‍රේලියානු හිටපු ජනපතිවර‍යෙකු වූ මැල්කම් ටර්න්බුල්  ඝාතන සැළැස්මක් ලියා තිබී ඇති අතර සිඩ්නි ඔපෙරා හවුස් පුපුරවා දැමීමේ සැළැස්මක්  ද සඳහන් ව තිබී ඇත.

ඒ අනුව ඕස්ට්‍රේලියානු පොලීසිය මඟින් අත් අඩංගුවට ගත් මොහමඩ් නිසාඩීන් පසුගිය අගෝස්තු මාසය පුරා නිව් සවුත් වේල්ස් සිර  අඩස්සියේ තබා සිට ඔක්තෝබර් මාසයේ දී නිදහස් කර තිබුණි. ඒ ‍සටහන් පොතෙහි පැවති අත් අකුරු සමඟ  ඔහුගේ අත් අකුරු වලට සමාන නොවීම නිසා ය.

ඉන් අනතුරුව ලංකාව වෙත නැවතත් පැමිණි මොහමඩී කිසිදු වැරැද්දක් නොමැතිව තමන් නිකරැණේ අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදාළ ආයතන මඟින් වන්දි ඉල්ලා සිටියේ ය.

 ඒ අනුව නැවත ආරම්භ වූ පොලිස් පරික්ෂණ මඟින් තහවුරුව ඇත්තේ රාජකාරීමය පලි ගැනීමක්  පිරිමසා ගැනීම සඳහා අර්සලාන් කවාජා මෙලෙස ඔහුව බොරු කුමන්ත්‍රණයකට හසු කර ඇති බවයි. මේ වන විට අර්සලාන් ඉදිරි පොලිස් පරික්ෂණ සඳහා සිර භාරයේ තබා ඇත.    

උත්පලා ප්‍රබුද්ධිකා

  1. බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා විවාහ දිවියට
  2. බංග්ලාදේශයේ හිටපු අගමැතිනියට මැතිවරණ තහනම්!
  3. බුෂ්ගේ පියාගේ අවසන් කටයුතු දෙසැ 5
  4. රුසියානුවන් හට යුක්රේනයට ඇතුල් වීම තහනම් ?
  5. ප්‍රථම වරට ජෝර්ජියාවට ජනපතිවරියක් !
  6. ජී 20 සමුළුව උත්කර්ෂවත්ව ඇරඹේ
  7. සුපිරි නළු ජැකී චෑන්ගේ දියණිය සමලිංගික විවාහයක
  8. නිකරගුවාවේ උප ජනපතිනියට ඇමරිකානු සම්බාධක
  9. සිඩ්නි නුවරට හදිසි ගං වතුරක් !
  10. හිටපු මාල දිවයින් ජනපති නිදහස් !
  11. ඉන්සයිට් රොබෝවා අඟහරු මතට ගොඩ බසියි
  12. එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් බ්‍රිතාන්‍ය සිසුවාට රාජ්‍ය සමාවක්!
  13. වසර 3500ක් ඉපැරණි මමියක් සොයා ගැනේ
  14. යුක්රේන නැව් වෙත රුසියාවෙන් දරුණු ප්‍රහාර
  15. අයහපත් කාලගුණය සිඩ්නි හා මෙල්බර්න් ගුවන් වාර අත්හිටුවයි!
  16. වර්ග සංහාරය‍ට චෝදනා ලැබූ රැම්බෝ යුද අපරාධ අධිකරණයට
  17. සෙන්ටිනලීස් ගෝත්‍රිකයින් ගේ ඊතල පහරින් ඇමරිකානුවකු මරුට
  18. දිවි හානි කර ගැනීමට සිටි ගොවීන්ගේ වග‍ා ණය ගෙවූ සුපිරි නළු අම්තාබ්
  19. ඊ කොලී බැක්ටීරියා‍වෙන් 32ක් රෝහලේ
  20. ඉන්දුනීසියා‍වට ගොඩගැසූ තල්මස් සිරුරින් ප්ලාස්ටික් කිලෝ 6 ක් !
  21. කැලිෆෝනියානු ගින්නෙන් 1200ක් අතුරුදහන්
  22. පීරු හිටපු ජනපති උරුගුවේ රාජ්‍ය ආරක්ෂාව පතයි
  23. ප්‍රංශයේ ඉන්ධන උද්ඝෝෂණයෙන් පුද්ගලයන් 400 කට තුවාල
  24. කැලිෆෝනියා ලැව්ගිනිවලින් මියගිය ගණන 31 දක්වා ඉහළට
  25. ලොව දරු උපත් සිදුවන ගණන ශීඝ්‍රයෙන් පහළට

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.