lakbima.lk

යුරෝපීය විශාල බඩු ප්‍රවාහන නෞකාවක් වූ MSC Zoe නෞකාව කුණාටුවකට හසු වීමෙන් කන්ටේනර් 270 ක් උතුරු මුහුදට පතිත වී ඇත. මෙයින්  කන්ටේනර් තුනක  තිබූ පෙරොක්සයිඩ් වැනි අධි රසායන ද්‍රව්‍ය හේතුවෙන් නෙදර්ලන්තයේ වෙරළබඩ ප්‍රදේශ, උතුරු ජර්මානු වෙරළ තීරය හා ඊට  ආසන්න Texel, Vlieland, Terschelling, Ameland හා Schiermonnikoog දූපත් අවට ජලජ පරිසර පද්ධති දූෂණය වී ඇත.

මේ වන විට ‍ජර්මානු හා නෙදර්ලන්ත වෙරළ ආරක්ෂක අංශ වෙරළ කලාප ‍පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරමින් පවතින අතර  මේ සඳහා එම ප්‍රදේශ  ආසන්නයේ වෙසෙන මහජනතාව ද කැපවීමෙන් උපකාර කරයි. ආරක්ෂක අංශ විසින් මුහුදට පතිත වූ කන්ටේනර් 270 සොයා මෙහෙයුම් දියත් කර ඇති අතර දැනට ඔවුන් හට සොයා ගැනීමට හැකිව ඇත්තේ  11 ක් පමණී.

කුණාටුවට හසු වූ MSC Zoe නෞකාව කන්ටේනර් 19000 ක් එකවර ගෙන යා හැකි යුරෝපයේ සුවිශාලම බඩු ප්‍රවාහන නෞකාව ද වේ. ‍මේ වන විට  MSC Zoe නෞකාව ඉදිරි මෙහෙයුම් සිදුවන තුරු ජර්මනියේ Bremerhaven හි නැංගුරම් ලා ඇත.

උත්පලා ප්‍රබුද්ධිකා

  1. කෂෝගී ඝාතකයින් අධිකරණය හමුවට
  2. 116 වැනි ඇමෙරිකානු නව කොංග්‍රස් මණ්ඩලය දිවුරුම් දෙයි
  3. චන්ද්‍රයාගේ නුදුටු පැත්තට චීන යානයක් ගොඩබසී
  4. 60 වැනි කියුබානු විප්ලව සංවත්සරය උත්කර්ෂයෙන් සැමරේ
  5. පෘථිවියට බිලියන 6.5 ක් ඈතින් හිම මිනිසෙක් !
  6. යූ.එන් විශේෂ නියෝජිතයා සෝමාලියාවෙන් පිටුවහල්
  7. පිලිපීනයේ ගංවතුරෙන් 25 000 ක් අවතැන්
  8. චීනයේ ප්‍රාන්තයක් වන්නැයි තායිවානයට චීන ජනපතිගෙන් තර්ජනයක්
  9. ස්ත්‍රී පුරුෂ ලිංග වලට අමතරව ජර්මනියෙන් වෙනත් ලිංග කාණ්ඩයක්
  10. බ්‍රසීලයට නව ජනපතිවරයෙක්
  11. සුප‍්‍රසිද්ධ දියබල්ලා මියයයි
  12. අයර්ලන්තය ගබ්සාව නීතිගත කරයි
  13. ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කිරීමේ සැළසුම්
  14. ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වේ
  15. මුගාබේ ගේ බිරිඳට ඉන්ටර්පෝල් වරෙන්තු
  16. දශකයකට පසු බ්‍රිතාන්‍ය - පකිස්තාන් ගුවන් වාර ඇරඹේ
  17. කටාර් ජාතික දිනය උත්කර්ෂයෙන් සැමරේ
  18. ඇමෙරිකානු හමුදාවට සිරියාවෙන් ඉවත් වීමට නියෝග
  19. බෙල්ජියම් අගමැති ඉල්ලා අස් වෙයි
  20. කියුබානු නව ව්‍යවස්ථාවෙන් සම ලිංගික නීතිය ඉවතට
  21. ෆේස්බුක් සමාගම මියන්මාර් මිලිටරි ගිණුම් ඉවත් කරයි
  22. කඩා වැටුණු මො‍රාන්ඩි පාලම ප්‍රතිසංස්කරණයට
  23. ඉපැරණි ඩයිනෝසර් පා සළකුණු 85 ක් එංගලන්තයෙන් !
  24. 2022 ෆිෆා ප්‍රධාන ක්‍රීඩාංගණ අනුරුව විවෘත කෙරේ
  25. චීන රජය කිතුනු ආගමික අයිතීන් උල්ලංඝනය කරයි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.