lakbima.lk

යුක්‍රේනයේ ජනාධිපතිවීමට විකටයෙකුට අවස්ථාවක්

 
යුක්රේන ජනාධිපතිවරණයෙන් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමට දේශපාලනය පිළිබඳ  අත්දැකීමක් නොමැති එරට විකට නළුවකු වන වොල්ඩිමයර් සෙලෙන්ස්කිට හැකිවී ඇත.
 
ඒ අනුව යුක්රේන ජනාධිපතිවරණයෙන් වොල්ඩිමයර් සෙලෙන්ස්කි ජයගනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී ඇත. දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලයෙන් තමන් සතුටට පත්වන බවත් මෙය අවසන් ප්‍රතිඵලය නොවන බවත්, සෙලෙන්ස්කි මාධ්‍යට පවසා ඇත.
 
දූෂණ හා වංචා නොමැති යහපත් සාමාන්‍ය මිනිසකු ජනාධිපතිවරයා බවට පත්වන සිදුවීම පෙන්වන “සර්වන්ට් ඔෆ් ද පීපල්” නමැති ඔහුගේ රූපවාහිනී වැඩසටහන යථාර්ථයක් බවට පත්කිරීම අරමුණ බව සෙලෙන්ස්කි පවසා තිබේ.
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.