lakbima.lk

සෙන්ටිනලීස් ගෝත්‍රිකයින් ගේ ඊතල පහරින් ඇමරිකානුවකු මරුට

 

සිය කැමැත්තෙන් මිෂනාරි කටයුත්තක් සඳහා අන්දමන් නිකෝබාර් දූපත් අසළ පිහිටි සෙන්ටිනලි දූපත් වෙත ගිය ඇමරිකානු තරුණයෙකු පසුගිය දා එහි වෙසෙන සෙන්ටිනලීස් ගෝත්‍රිකයින් ගේ දුණු ඊතල පහර හේතුවෙන් ඛේදජනකව මිය ගොස් ඇත. මෙසේ මිය ගොස් ඇත්තේ 26 හැවිරිදි  ජෝන් ඇලන් චෝ නම් ඇමරිකානු තරුණයෙකු ය.

සෙන්ටිනලීස් දූපත් වාසීන් යනු ලෝකයෙන් හුදකලාව වෙසෙන්නා වූ වඳ වී යන ගෝත්‍රික ප්‍රජාවකි.  ඉන්දියානු ව්‍යවස්ථාවට අනුව මෙම දූපත් වෙත ප්‍රවිශ්ට වීම හා එහි වෙසෙන්නන් සමඟ සබඳතා පවත්වා ගැනීම වරදකි. එම නීතිය කඩ කරන්නා වූ පුද්ගලයින් හ‍ට වසර 3 ක් දක්වා බරපතළ සිර දඬුවම් හිමි වේ.

මේ වන විටත් ඇලන් හට එම දූපත් වෙත ප්‍රවිශ්ට වීම සඳහා උපකාර කළ මසුන් මරන්නන් 5 දෙනෙකු සිර භාරයට පත් කර ඇත. දුනු ඊතල පහරට ලක්ව පණ පිටින් මරා දැමුවා යැයි සැළකෙන ඔහුගේ මළ සිරුර නොලැබී ඇති අතර ඉන්දියානු පොලීසිය විසින් එම මළ සිරුර වළ දැමුවා යැයි සැළකෙන ස්ථානය හෙලිකොප්ටර් යොදවා පරික්ෂා කිරීමට නියමිත ය.  

තවදුරටත්  ඇමරිකාවේ වොෂිංටන් හි වෙසෙන ඇලන් ගේ පවුලේ ඥාතීන් විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ ඇලන් ගේ මරණයට වග කිව යුතු සෙන්ටිනලීස් ගෝත්‍රිකයින් හට ඔවුන් සමාව දී ඇති බවයි.

 

උත්පලා  ප්‍රබුද්ධිකා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.