lakbima.lk

යුක්රේන නැව් වෙත රුසියාවෙන් දරුණු ප්‍රහාර

අද දින සිදු කළ ප්‍රහාරයකින් පසු රුසියානු හමුදා විසින් ක්‍රිමියානු ‍අර්ධද්වීපය ආසන්න මුහුදේ දී යුක්රේන නැව් කිහිපයක් වෙත  ප්‍රහාර එල්ල කර  නැව් කිහිපයකි අල්ලා ගෙන ඇත. මෙම ප්‍රහාරයෙන් යුක්රේන නාවිකයින් කිහිපදෙනෙකු තුවාල සිදු වී ඇත.  ප්‍රථම ප්‍රහාරය සිදු කර ඇත්තේ ඇසොව් මුහුදට පිවිසෙන ස්ථානයේ  කර්ච් මුව දොරිනි.  මෙම ස්ථානය ඇසොව් මුහුදට පිවිසිය හැකි එකම දොරටුව වේ. යුක්රේනය හා  රුසියාව යන දෙපාර්ශවය අතරේ බෙදී ගොස් ඇති මෙම මුහුදු සීමාව පොදු සාගර කලාපයකි.

කෙසේවෙතත් මෙම නාවික ගැටුම ප්‍රබල කිරීම සම්බන්ධයෙන්  රුසියාව වෙත සියලු කලාප වරද පටවා සිටියි. 2008  සිට හට ගත් ක්‍රිමියානු  යුද්ධයෙන් අනතුරුව අර්ධ ද්විපයේ කටයුතු   සියල්ල රුසියාව හරහා පාලනය විය. ඒ අනුව යුක්රේන නැව් ඇසොව් මුහුදට  ඇතුලු වන විට පරික්ෂා කර ඇතුල් කිරීම රුසියාව විසින් ආරම්භ කරන ලදී. මෙම අර්බුදය සම්බන්ධයෙන් රුසියානු ජනපති ප්‍රකාශ කර ඇත්තේ  මෙම ගැටුම ආරම්භ කරන ලද්දේ ඔවුන් විසින් රුසියාවට අයත් මුහුදු කලාපයට ඇතුළ් වීම  හේතුවෙන් බවයි.

 

උත්පලා ප්‍රබුද්ධිකා

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.